Tuesday, 22 March 2022

ශාන්තිකරයේ දිග සුදු වළාකුළ (The Long white cloud in the Pacific Ocean) Aotearoa




           සමාදානයේ සයුරු ඉම​

ශ්වේත වන් දිගු ව​ළාකුළ​

කර දැවුණ මිහි මතට​

වියළි තණ පත් දොවා

හීන් බොල් පින්නක්ව​

වැටුණාය මල් වැස්ස​


කඳුකරේ තණ බිම් සිසාරා හමායන​

දකුණු සුළඟේ බිඳෙන​ 

අසෙණි සන් ගීතිකා මැද​ ​

පටු බෑවුම් සහිත දෙණි පෙතේ

 සැරයටියෙ වෙර ගෙන​

බැටළු රැල දක්කාන​

තණබිම් සොයායන ගොපල්ලන්​

අස්වසන කවියක්ව​​ 

වැටුණාය මල් වැස්ස​


තිරිඟු යායේ කරල් බර වෙන්න​ 

පැළපතේ නැවුම් මල් පූදින්න​

"අඔටියරෝවා" (Aotearoa) මිහි ළමැද

කිරි සුවඳ වෑහෙන්න​

වියළි දිගු ගිම්හාන කාලයේ

විඩාපත් තුරු වදුළු සනසන්න​

ඇද හැලුණි වරුසාව​


නීල වන් අතුපතර සසල කර

වියපත් පත් වලට සමුදී

ළපළු පල්ලවයෙන් ඔපලන්න​

ශරද සමයේ ආශිර්වාදය​

හීන් බොල් පින්නක්ව​

වැටුණාය මල් වැස්ස 


බමර මී මැසි දනව් 

මියුරු මදු වෑහෙන්න​ 

සුහුඹුල් අතු පතර​

ඇපල් මල් පූදින්න 

රිදී සුණු ඉසිනසේ

වැටුණාය මල් වැස්ස​  


 මල්ලිකා එම් බණ්ඩාර​ 

22. 03. 2022 


No comments:

Post a Comment