උත්තරීතර සභාවේ ගරු කටයුතු උතුමෝ - 23.02. 2023
වස්තරේ පසෙකින් තියා රජු අන්දරේටම ඇඳගනී
උත්තරීතර සභානායක තිත්ත කුණුහරුපෙන් බනී
තෝන් ලණුපට අතැති පඹයෙක් මුලසුනේ හොට බිම ඇනී
උගේ ගොන් රැල දිගට හරහට බෙදී උනුනුන් ඇන ගනී
උත්තරීතර සභාවේ ගරු කටයුතු උතුමෝ - 23.02. 2023
වස්තරේ පසෙකින් තියා රජු අන්දරේටම ඇඳගනී
උත්තරීතර සභානායක තිත්ත කුණුහරුපෙන් බනී
තෝන් ලණුපට අතැති පඹයෙක් මුලසුනේ හොට බිම ඇනී
උගේ ගොන් රැල දිගට හරහට බෙදී උනුනුන් ඇන ගනී
ළසඳපතසේ මහද අහසට
මෝදුවුණ හන්දා
යලක් පැහුණා වගේ දැනුනා
නුඹට බහ දුන්දා
කලක් ගතවී ගිළිහිලා අත
ගියද නුඹ හැරදා
විරහ තාපෙන් දැවුණෙ නෑ
හිත
නුඹට සමු දුන්දා
සසල සිත් විල කුමුදු
යායට
තරුඑළිය දුන් හින්දා
නැවුම් විජිතෙක රැජින
වූයෙමි
කිරුළු හිස රන්දා
මතක එක දෙක ඇවිත් ඉඳහිට
කළත් කෝලිත්තම්
ඉසිඹුලන්නට නොදී
දොරගුළු ලීමි කර ඔච්චම්!
මිතුරු හමුවක පුරන සව්දිය
විතක රස පහසින්
සලඹ රෑනක් සේ අතීතය
තටු සළා ඇවිදින්
අහඹුවක නුඹ නික්ම ගිය
වග
අසන්නට යෙදුනෙන්
සඳ ගිළී ගිය රැයක වල්මත්
වුණා
මා සැණෙකින්
මල්ලිකා එම් බණ්ඩාර
24. 02. 2023
හැංගි හැංගී හිනා මදුවැල් පිපුණ සිය දහසේ
සඳත් නුඹ විය ඉරත් නුඹ විය මෝදුවුණ අහසේ
තාම නොයිඳුල් ප්‍රථම
ප්‍රේමය නුඹට පිදු විලසේ
මාත් කැමතියි නුඹත් කැමතිද යන්ට එක දවසේ?
බිඳුණ අත් වැල නැවත බැඳ බැඳ රිදුණ හිත නොමදා
ගමන නිමවෙනතුරා යන්නට
ගිවිස ගෙන හැමදා
මෙතෙක් දුර දුක සැප එකට
ලද එක හිතින් වළඳා
හුදකලා මඟ යන්ට තනි ඇති
ළඟක මා නැතිදා
තිබුණ කඩමලු කිහිලි ගහගෙන
මගෙ පැලට ඇවිදින්
බින්න බැස්සේ නිකිණි
පෝයක වැහි වැටුණ පැයකින්
දබරවී බැන අඬ ගහන්නැති
නිකරුණේ සැනෙකින්
නොදරුවෙකු සේ පසු තැවෙන්නැති
නිවී සිත කොණකින්
තණග පිනිමුතු පොකුරු පිසදා ළහිරුකෙඳි රැහැණින්
මියැදි ඊයේ සේම අවදිව බලන සඳ යහනින්
නියත අනියත බව මෙනෙහි කර නිවී ගිය පහනින්
අදක් මිස නූපන් හෙටක් ගැන කියන්නද කෙලෙසින්
මල්ලිකා එම් බණ්ඩාර -
මනෝ මන්දිර ඉදිව බිඳුනත්
පෙණ බුබුළු විලසින්
ලෝකයක් ගොඩ නැඟෙනු කෙලෙසද
සිහිනයක් නැති නම්?
රළ පතර වැද වෙරළ සිඹිනා
වැලි තලා අතරින්
තැනූ මාළිග දියව යද්දී
එක් අසුරු සැණෙකින්
පාදමේ සිට නැවත නැවතත්
නව මුහුණුවරකින්
තවත් පහයක් ගොඩ නඟන්නට
හිතට දිරි ඇතිනම්
හඬා වැළපී වුණත් කම්
නැත
යළි නැඟී හිටපන්!
බිඳුණු පහුරත් කැඩුණු
හබලත්
දියඹ වෙත යානම්
නුඹම ඔරුවක් වෙලා වෙරළට
එන මඟක් හිතපන්!
උරුම නටබුන් අතර
කුරගා
විසුල කැට කැබිලිති ඇහිඳ
ගෙන
දෙපා මත නැවතත් හිඳින්නට
ජවය නුඹ පමණක්ම වීනම්
තැනූ නිමැවුම් ජීවමානව
හිඳියි නුඹ පසෙකින්!
මල්ලිකා එම් බණ්ඩාර
11. 02. 2023
සුගම පද වැල් සොයා ළතවෙමි
එකම එක කවියක් ගොතන්නට
නුඹේ සෙනෙහස් සිඳු ගැඹර බඳ
කිමිදි කිමිදී තවම අම්මේ
ඇට මිදුළු සම් මස් දියව
යන
තුරා වෙහෙසී දුකිනි අපමණ
බුමුතුරුණු මත මා හොවන්නයි
රළු පරළු මඟ නුඹ ඇවිද්දේ
ගලන උණු ලෝදිය කඳුරු බිඳ
දරා අව් වැහි අකුණු හඬ මැද
කුරුස ගහ උර මත හොවාගෙන
වැටි වැටී ගොල්ගොතා නැග්ගේ
මගේ පාපයෙ බරත් උසුලා
සාපයේ වන්දියත් ගෙවලා
නුඹම පුදසුන යාගපෙත විය
සාමයේ සුබ අස්න උදෙසා
අතින් මොළවනු නොහැකිවන
මුත්
නෙතින් දැක සිත පිනනු
බැරි මුත්
සහස් සෝදුක් තැවුල් නිවනා
මගේ රන්මය විජිණිපත නුඹ
පිපෙන පරවෙන මලක් ගානේ
කුරුළු ගීතනු ගැයෙන යාමේ
මසිත නැළවූ සුවඳ ධූපය
නුඹේ සෙනෙහස පමණි අම්මේ
මල්ලිකා එම් බණ්ඩාර
6. 02. 2023