ළසඳපතසේ මහද අහසට
මෝදුවුණ හන්දා
යලක් පැහුණා වගේ දැනුනා
නුඹට බහ දුන්දා
කලක් ගතවී ගිළිහිලා අත
ගියද නුඹ හැරදා
විරහ තාපෙන් දැවුණෙ නෑ
හිත
නුඹට සමු දුන්දා
සසල සිත් විල කුමුදු
යායට
තරුඑළිය දුන් හින්දා
නැවුම් විජිතෙක රැජින
වූයෙමි
කිරුළු හිස රන්දා
මතක එක දෙක ඇවිත් ඉඳහිට
කළත් කෝලිත්තම්
ඉසිඹුලන්නට නොදී
දොරගුළු ලීමි කර ඔච්චම්!
මිතුරු හමුවක පුරන සව්දිය
විතක රස පහසින්
සලඹ රෑනක් සේ අතීතය
තටු සළා ඇවිදින්
අහඹුවක නුඹ නික්ම ගිය
වග
අසන්නට යෙදුනෙන්
සඳ ගිළී ගිය රැයක වල්මත්
වුණා
මා සැණෙකින්
මල්ලිකා එම් බණ්ඩාර
24. 02. 2023
No comments:
Post a Comment