හැංගි හැංගී හිනා මදුවැල් පිපුණ සිය දහසේ
සඳත් නුඹ විය ඉරත් නුඹ විය මෝදුවුණ අහසේ
තාම නොයිඳුල් ප්‍රථම
ප්‍රේමය නුඹට පිදු විලසේ
මාත් කැමතියි නුඹත් කැමතිද යන්ට එක දවසේ?
බිඳුණ අත් වැල නැවත බැඳ බැඳ රිදුණ හිත නොමදා
ගමන නිමවෙනතුරා යන්නට
ගිවිස ගෙන හැමදා
මෙතෙක් දුර දුක සැප එකට
ලද එක හිතින් වළඳා
හුදකලා මඟ යන්ට තනි ඇති
ළඟක මා නැතිදා
තිබුණ කඩමලු කිහිලි ගහගෙන
මගෙ පැලට ඇවිදින්
බින්න බැස්සේ නිකිණි
පෝයක වැහි වැටුණ පැයකින්
දබරවී බැන අඬ ගහන්නැති
නිකරුණේ සැනෙකින්
නොදරුවෙකු සේ පසු තැවෙන්නැති
නිවී සිත කොණකින්
තණග පිනිමුතු පොකුරු පිසදා ළහිරුකෙඳි රැහැණින්
මියැදි ඊයේ සේම අවදිව බලන සඳ යහනින්
නියත අනියත බව මෙනෙහි කර නිවී ගිය පහනින්
අදක් මිස නූපන් හෙටක් ගැන කියන්නද කෙලෙසින්
මල්ලිකා එම් බණ්ඩාර -
No comments:
Post a Comment