සුගම පද වැල් සොයා ළතවෙමි
එකම එක කවියක් ගොතන්නට
නුඹේ සෙනෙහස් සිඳු ගැඹර බඳ
කිමිදි කිමිදී තවම අම්මේ
ඇට මිදුළු සම් මස් දියව
යන
තුරා වෙහෙසී දුකිනි අපමණ
බුමුතුරුණු මත මා හොවන්නයි
රළු පරළු මඟ නුඹ ඇවිද්දේ
ගලන උණු ලෝදිය කඳුරු බිඳ
දරා අව් වැහි අකුණු හඬ මැද
කුරුස ගහ උර මත හොවාගෙන
වැටි වැටී ගොල්ගොතා නැග්ගේ
මගේ පාපයෙ බරත් උසුලා
සාපයේ වන්දියත් ගෙවලා
නුඹම පුදසුන යාගපෙත විය
සාමයේ සුබ අස්න උදෙසා
අතින් මොළවනු නොහැකිවන
මුත්
නෙතින් දැක සිත පිනනු
බැරි මුත්
සහස් සෝදුක් තැවුල් නිවනා
මගේ රන්මය විජිණිපත නුඹ
පිපෙන පරවෙන මලක් ගානේ
කුරුළු ගීතනු ගැයෙන යාමේ
මසිත නැළවූ සුවඳ ධූපය
නුඹේ සෙනෙහස පමණි අම්මේ
මල්ලිකා එම් බණ්ඩාර
6. 02. 2023
No comments:
Post a Comment