පච්ච පාට සාරිය ඇඳ - පිච්ච මල් ගසා කෙහෙරොද
නමෝ විච්චියට සැරසී - හිනා මිටක් මුව දවටා
පෙරෙට්ටුවට පිය මැන්නා - සෙල්ල-රාජිනී
නළල්තල මතින් රූටා - උනා වැටෙන දාබිඳු කැට
තේ දළු නෙළනා නියගින් - පිස දමා හෙමින් හිනහෙන
කුලී කුරක්කමට යන්ට - උඹ තාමත් ළපටි එකී
සෙල්ල-රාජිනී
අතේ පිච්චියක් නැති කොට - පල්ලි ගිහින් මක්කොරන්ට
පුල්ලෙ මඩුව පහු කරගෙන - හීන පැදුරු අකුලා ගෙන
ළමා වියෙන් පිය මැන්නා
සෙල්ල-රාජිනී
කෝපි කාලෙ පියමං කර - තේ යුගයට සේන්දු වුණ
ලැයිම් පේළියේ උරුමය - පරම්පරාවෙන් හිමිවුණ
තේ දල්ලක් වගේ උඹත් - කහට කෝප්පෙට වැටේවි
සෙල්ල-රාජිනී
මල්ලිකා එම් බණ්ඩාර
28. 04. 2023
No comments:
Post a Comment