Saturday, 24 September 2016

ඉවුරු බිඳෙයි ගඟුල ගලයි

A fragmented text from the "Dead Sea Scrolls"
















සුවපහස් දෙන නේක යාන වාහන ඇතත් 
මගෙ අහිංසක පැතුම්  මිලානව පණ අදී
ප්‍රේමයේ රැකවරණ පතා දිව ආ දිනය
සිහිනයක්  ගෙයි අද පියෙවි සිහියට මගේ

සිදාදියෙ කලබැගෑනිය නොනිමි දිවා රෑ
ගමේ සංයත නිසංසලය​ සිතට ගෙනේ
මා-පියන් සෙවන​ තුළ ලැබු උණුසුම නොලැබ​
පාළුවේ ගිනි මැලය නිබඳ සිත දැල්විලා

පියාඹා එන පිණිස  කඳුළු සුසුමින් යුතුව
ඔබ කෙරෙහි ද්වේශයෙන් 
ඔහුගෙ ලොව ලොල්කළෙමි.
දිළිඳු ගම ඒ ගමේ මෑණියෙනි පියාණෙනි,
රජ මැදුර යස ඉසුරු කටු ඔටුන්නකි හිසට​

තාරකාවක් සදිසි දිළෙන රිවි කිරණ වැද​
මුළු ලොවම පිරුවටෙකි පිරුලකට ගෙන අඳින​
නොළංවන ඉවුරු දෑලක් තෙමා දෝවන්න​
ගඟ ගලයි ඉවුරු දෑලම හෙමින් ඉකිබිඳී

 මල්ලිකා බණ්ඩාර

1987. 08.09

ඉකි බිඳුමක්


(Third text of my "Dead Sea Scrolls")


කුරහන් සුවඳ මුසු සුළඟේ සිහිල ගැනි
පාළුව කාන්සිය හද ඈඳෙන්න     වුණි
අද තනි පැලට හෙට සිරිදුව වඩිනුවැනි
මට උඹෙ සිනා යායක් පීදුනා     මෙනි 

මදු මල් පරවෙලා සුළඟේ රැඳි   හින්දා
සඳ පත දිය වෙලා ගනඟුර වැඩි හින්දා
මා නෙත පැතූ රූ දියවී ගිය       හින්දා
වැට අද්දර ගහේ කිරලෙක් ඉකි බින්දා

සඳින් සඳ රේණූ උතුරා       ගියාදෙන්
මලින් මල් රේණූ ගිළිහී      ගියාදෙන්
හැඬු රන් සීනු හඬ     වියැකුණා දෙන්
උඹෙන් වෙන්නූනු සිත මියැදුනාදෙන්


මල්ලිකා  බණ්ඩාර



සිළුමිණ කවිමුතු- 1979

කවිය


ඉරුණ වැරැහැලි රුවල පෙරෝගෙන
බිඳුන හබලක් අතදරාගෙන
රළපතර මැද පොර බදන සඳ​
කවිය ඔබ මා අසල හිටියා-

කතර ගිනිගෙන දැවෙන වේලේ
දියත්තක් සේ නිවා සරතැස
පිපාසිත සිත දොවා ලන්නට​
වළා ඇතිරිල්ලක්ව වැහිබර​
කවිය ඔබ නිරතුරුව රැඳුනා

මළ මුහුදු තෙර ලෙනක තනිවී
ඉකි බිඳින වැකි පෙළක්වාගේ
හුදකලා පත් ඉරු පලාගෙන
දුකද මිහිරක් සේ විඳින්නට​
අළුත් පාඩම් පොතක් අතතිව
කවිය ඔබ මා පසෙක හිටියා

හබල් පහරින් දිය දෙපළු කර
පලා එන්නට කලපුවක් වෙත​
වියා මඟ පෙර නිමිති සිඳු මත
රැඳී මගෙ සෙවැනැල්ල වාගේ
මටත් වැඩියෙන් දකින මගෙ හිත
කවිය නුඹ මේ තරම් ළබැඳිද​?


මල්ලිකා එම් බණ්ඩාර​







ඉරුන වැරැහැලි රුවල පෙරෝගෙන​
බිඳුන හබලක්  අත දරාගෙන​
රළ පතර මැද​ පොර බදන සඳ​
කවිය
නුඹ ඔරු කඳ පසෙක හිඳ​
ගැවසුනා තනි නොතනියට සෙද​

කතර ගිනි ගෙන දැවෙන වේලේ
​​දියත්තක් සේ නිවා සරතැස
පිපාසිත සිත දොවා ලන්නට
​වළා ඇතිරිල්ලක්ව වැහිබර​​
කවිය,
මා වෙත ගලා එනවා

මළ මුහුදු තෙර ලෙනක තනිවී
ඉකි බිඳින වැකි පෙළක් වාගේ
හුදකලා පත් ඉරු පලාගෙන​
දුකද මිහිරක් සේ විඳින්නට​
අළුත් පාඩම් පොතක් අතැතිව​
කවිය,
නුඹ ​මා අසල රැඳුනා 

හබල් පහරින් දිය දෙපළු කර​
පලා එන්නට කලපුවක් වෙත​
වියා මඟ පෙර නිමිති සිඳු මත​
රැඳී මගෙ සෙවනැල්ල වාගේ
මටත් වැඩියෙන් දකින මගෙ සිත​
කවිය,
නුඹ මේ තරම් ළබැඳිද​ ?


මල්ලිකා බණ්ඩාර


23. 09. 2016











ඉරුන වැරැහැලි රුවල පෙරෝගෙන​
බිඳුන හබලක්  අත දරාගෙන​
රළ පතර මැද​ පොර බදන සඳ​
කවිය
නුඹ ඔරු කඳ පසෙක හිඳ​
ගැවසුනා තනි නොතනියට සෙද​

කතර ගිනි ගෙන දැවෙන වේලේ
​​දියත්තක් සේ නිවා සරතැස
පිපාසිත සිත දොවා ලන්නට
​වළා ඇතිරිල්ලක්ව වැහිබර​​
කවිය,
මා වෙත ගලා එනවා

මළ මුහුදු තෙර ලෙනක තනිවී
ඉකි බිඳින වැකි පෙළක් වාගේ
හුදකලා පත් ඉරු පලාගෙන​
දුකද මිහිරක් සේ විඳින්නට​
අළුත් පාඩම් පොතක් අතැතිව​
කවිය,
නුඹ ​මා අසල රැඳුනා 

හබල් පහරින් දිය දෙපළු කර​
පලා එන්නට කලපුවක් වෙත​
වියා මඟ පෙර නිමිති සිඳු මත​
රැඳී මගෙ සෙවනැල්ල වාගේ
මටත් වැඩියෙන් දකින මගෙ සිත​
කවිය,
නුඹ මේ තරම් ළබැඳිද​ ?


මල්ලිකා බණ්ඩාර


23. 09. 2016



















ඉරුන වැරැහැලි රුවල පෙරෝගෙන​
බිඳුන හබලක්  අත දරාගෙන​
රළ පතර මැද​ පොර බදන සඳ​
කවිය
නුඹ ඔරු කඳ පසෙක හිඳ​
ගැවසුනා තනි නොතනියට සෙද​

කතර ගිනි ගෙන දැවෙන වේලේ
​​දියත්තක් සේ නිවා සරතැස
පිපාසිත සිත දොවා ලන්නට
​වළා ඇතිරිල්ලක්ව වැහිබර​​
කවිය,
මා වෙත ගලා එනවා

මළ මුහුදු තෙර ලෙනක තනිවී
ඉකි බිඳින වැකි පෙළක් වාගේ
හුදකලා පත් ඉරු පලාගෙන​
දුකද මිහිරක් සේ විඳින්නට​
අළුත් පාඩම් පොතක් අතැතිව​
කවිය,
නුඹ ​මා අසල රැඳුනා 

හබල් පහරින් දිය දෙපළු කර​
පලා එන්නට කලපුවක් වෙත​
වියා මඟ පෙර නිමිති සිඳු මත​
රැඳී මගෙ සෙවනැල්ල වාගේ
මටත් වැඩියෙන් දකින මගෙ සිත​
කවිය,
නුඹ මේ තරම් ළබැඳිද​ ?


මල්ලිකා බණ්ඩාර


23. 09. 2016














Friday, 23 September 2016

සමුගැනීමක්

Another leaf of " the Dead Sea Scrolls"

සමුගැනීමක්

වැව් තාවුලේ වෙල ඉස්මත්තේ     ඈත​
පැල් කවි ඇහෙයි රෑ හඳපානේ      සීත​
තරුකැට සිනාසෙනවිට දිගුකොට දෑත​
අපෙ පෙම්පුරාවත සිහිවී එයි        මෑත​

පැල් කවි අහන්නට ඔබ පැල් රකින කොට
නෑඹුල් සුවඳ මැද රත් හැල් කපන         විට
ගෙපලට ගෙනත් අස්වනු අටු       පුරන්නට​
දාහක් පැතුම් තිබුණා ඔබ            පතන්නට​

හිරු සැඟවෙලා තරු හිනහෙන සැඳෑ පැයේ
ඉපදී මියැදුනා හැඟුමන් මගේ            ළයේ
අයියන්ඩියේ මට හිත බැඳි කුඩා         වියේ
මා අමතකද සරසවියෙදි               සිදාදියේ

දුනුකේ සපු කැකුළු නංවන බමර    ගුමූ
සීතල වන්නියේ කුරහන් සුවඳ       හැමූ
පැල්කොන පිලේ තුන්හිරියා පැදුර  දැමූ
කෙඳිරූ අහස් අමතකනම් ගනිමු      සමූ

මල්ලිකා  එම්. ඩී. බණ්ඩාර

රිවිරැස - 1988


Tuesday, 20 September 2016

සිහින පැදුරු


I found some of my early day’s poems, which I call the “Dead Sea Scrolls”. Some of the publications originated during my school days, which I was written for week end Newspapers at that time, such as Sri Lankadeepa, Silumina (කවි මුතු) and Rivirasa. This poem was published on Sunday, 18 September 1972.    
          
                        
 සිහින පැදුරු

ඈත එපිට අරණක හද පාළු පුරනවා
සීත සුළං රැළි අතරට සුසුම් කවනවා
චන්දන සුවඳින් චාමර පවන් සලනවා
නිල් විල් තෙර සුව යහනක මා සැතපෙනවා

සඳක් නැගේදෝ සඳ වට තරු ඉහිරේදෝ
මලක් පිපේදෝ මලවට බමරු පිරේදෝ
ගිමන් නිවන්නට ගමනේ නිමක් තිබේදෝ
පැතුම් පුරාගත් දෑසේ කඳුළු  සිඳේදෝ

රන් රන් රන් රන්සළු රන් ගතේ එතීයන්
නිල්වන් නිල් මහනෙල් පැහැ නෙතග රැඳීයන්
සීන ලොවෙ සඳ පහනක මල් පිබිදීයන්
ඒ දෑසේ නැගෙන කැළුම් ම'නෙත ගැටීයන්

කටු අකුලක මලක් පිපී සුවඳ පිරෙනවා
කලක් ගියා ඒ මල් පෙති බිම වියැළෙනවා
සීතල වප් මහේ කුරුළු ගීත ඇහෙනවා
හීන දකින මා හදවත කෑමොර දෙනවා

මෙතුවක් කල් මතක අතර ඔබ හදගන්නා
ඔබ පිළිබඳ සිහින පැදුරු ආන බඳින්නා
මගේ පැදුර හොරු අරගෙන මට දුක්දෙන්නා
පාළු පැලේ බිම වැතිරී මං  නිදියන්නා

මල්ලිකා එම්. දෙමටදෙනිය​ (Sunday, 18 September 1972).   





Tuesday, 6 September 2016

පඬුර



පහේ පන්තියෙ විභාගය ලින්නට කලින්
බෝධියේ ගැට ගැසූ පඬුරු අම්මගෙ අතින්
පැළ කළා නම් ළපළු කරටි මල් පල දරා
මහ සල්ලි ගහක් මේ වන විටත් හැදෙනු ඇති

දවස් කුලියට ගෙවල් වලට ගොස් දර පළා
වේල් දෙක තුනක වියදමට තිබු සොච්චමෙන් ​
අල්ලසක් අරන් මේ මහ පොළොව නූහුලන
කපුරාළ  කරපු යාතිකා නෑහුම්කන්ව​
​විෂ්ණු දෙවියනි හරිද හිටපු එක සන්සුන්ව​

දෙයියන්ට පුදපු පලතුරු දිහා බලාගෙන​
නංගිලා තුන් දෙනා හඬා වැටුණා හිතින්
නෙත කඳුළු පුරාගෙන​ කුස ගින්න දරාගෙන
විභාගෙට ලියද්දී මගෙ හිතේ රැඳුනේම ​
නංගිලෑ ඇඬුම් බර​ මුහුණු තුන විතරමය​​.

මල් පුදා පහන් දැල්ලුවා හැම  උදයේම​  
යාතිකා තෙල ගැල්ලුවා ඉස් මුදුනේම​
සෙත් කවියෙ ගණ නොබිඳ ගැයූ මුත් නිතරෝම​
විෂ්ණු දෙවියනේ මා කඩ ඉමෙන් දුර තාම​.

සමවතට සම වැදී යුග නෙතම වසාගෙන​​
නොතේරෙයි අබිදහ​ම සෙල් පිළිම​​ වදාරන
බෝමුල දොවති පෙරවති මුදු කසාවත​
නායකයෝ සිඹිති බොධිය බදාගෙන​
දෙස බස රැස​ නීල​ සළුවක් සේ පෙරවා
දුප්පත් හීන කුල​, විස දළ ඇන මොළවා
පුහුදුන් මිනිස් සිත​  බිඳ​ වල්මත් කරවා
නුවණැස දල කඩතුරාවෙන්​ අඳ කරවා
යස ඉසුරෙන් වැඩෙති උන් අටු කොටු පුරවා

දිය බිඳක් බත් මිටක් ඉල්ලලා මඟ බසින​
දුටු සැණින් ගිනි බිඳිති අපේ පන්තියෙ උන්ට​
​ඉහ මොළ ඇටමිඳුළු සම් මස් දියව න තුරා 
වැඩ කරන මිනිසුන්ගෙ දාදියේ පිහිනනා
යෙහෙන් වැජඹෙනා පාලක සපුන් ගෙන් යැපෙන
අඳ බාල කුලපුතුන් උන්ගෙ කම්සැප පිණිස​
ජප නූල් ගැට ගසති ලෙයින් තෙත දෑත් වල

පාසලට ආයුබෝවන් කියන්නට වීම
දුකය. දුකටද මුලය බව හැඟෙයි මට තාම
අලි මුඩුක්කුව කොනක​ අනුන් හට අතපෑම​
ඇදහිල්ල  බින්දාය​ පුංවි සන්දියෙදීම​
දුකින් මිදෙනා  එකම මඟ මෙයයි හිතාගෙන​
නුවර වැව ළඟ ඉඳන් ඇම දමා මම මාළුබානවා
පහේ පන්තියෙ විභාගය ලින්නට කලින්
බෝධියේ ගැට ගැසූ පඬුර අම්මගෙ අතින්
විශ්ණු දෙවියන්  ළඟද​?”
තවම ඉඳහිට​ මගේ හිත මගෙන් අහනවා


මල්ලිකා බණ් ඩාර​
31.08.2016