හත් වැත්ත කපාගෙන නවම්
මහ ඇවිල්ලා
පුර පසේ අටවකත් කොහේදෝ
ගිහිල්ලා
දොළොස් මහ පහන ළඟ
හිඳිමි මඟ බලා බලා
ඒත් අම්මා
නැතුව අඳුර නැත දුරු වෙලා
තණ ගිරවුනේ තොපිත් මා
එක්ක වරෙල්ලා
ශෝක ගීයකට තනුවක් හදා
ගනිල්ලා
නින්ද බර වැඩි වෙලා තණ
පිඩැළි සයනයේ
පියාගත් නෙත ඇරෙයි
හෙමින් අඩි තියල්ලා
දන්නවානම් මෙතැන මං
හිටිය බව බලා
දුක හිතෙයි අම්මාට කීද්දුවෙ
නැති නිසා
දෙපෝයට ඇහැරුණොත්
හරිද, සිහි කැඳවලා
එකම එක හාද්දක් මට
අරන් දියල්ලා
වස්සානයේ පිපෙන දුනුකේ මලක් සේ
සන්තානයේ විසුළ සපු මල් මිටක් සේ
සන්තානයේ විසුළ සපු මල් මිටක් සේ
ලදපස් මලින් පිදෙන රන්
කරඬුවක් සේ
බිම ඉසතියා සිඹිමි
ඔබෙ පාද අම්මේ
මල්ලිකා එම්. බණ්ඩාර
07.02. 2017
No comments:
Post a Comment