ඔබ අහනව "තනිකම මිහිරිද?" කියල.
ඇත්තටම තනිකම; තනිකම ඉතාම අමිහිරයි!
සමාජ ජීවියෙක් වන
මනුස්සයා තනිකමෙන් මිදෙන්ට හැකි හැම මාර්ගයක්ම හොයනවා. ඒ මනුස්ස ස්වභාවය.
මගේ “poetic expression” තුළින් මම ප්‍රතිනිර්මාණය
කරන්නට මහන්සි ගන්නේ හුදකලාව, තනිකම හොඳයි කියන එක නෙවෙයි. තනිකමෙන් මිදෙන්ට දරන ප්‍රයත්නයේදී අපි තුළ ඇතිවන, ඇති විය හැකි පරිකල්පන වල ඇති රළු බවට
කිසියම් මෘදු බවක් එකතු කරන්නයි මම උත්සාහ කරන්නෙ . ඒ කියන්නෙ අප අත්දකින මනෝභාවයන් මානව හිතවාදීව ප්‍රකාශ
කරන්නට මහන්සි ගැනිමයි කරන්නෙ. සමහර විට ඒවා පෞද්ගලික හෝ පොදු අත්දැකීම් විය හැකියි.
ජීවිතය අත්දැකීම් වලින් පරිණත වන විට
මනුස්සයෙක් සංවේදී වෙනවත් වැඩියි. ඒ වගේ සංවේදී
කෙනෙකුට ජීවිත පරිණත
භාවය තුළින් මනුස්සයින් ගේ
හර්දස්පන්දනය ඇහෙනවා, ඒ අයගේ කඳුලේ තෙතමනයත්, සුසුමේ උණුහුමත්, හිනාවේ ආහ්ලාදයත් දැනෙනවා.
ඒ මනෝභාවයන්ගේ ස්පර්ශයෙන් සංතෘප්තව, , මා ජීවිතය නැත්නම් මනුස්ස අත්භවය දකින ආකාරයයිමගේ කවිවලින් මම කියන්නට උත්සාහ කරන්නේ .
මගේ ජීවිතයේ වැඩිහරියක්ම ගෙවුණේ මඟ දිගේ පය පැකිලී වැටි වැටි, වැරැදීම් වලින්, කප්පරක් ප්‍රමාද දෝෂ සහ අතපසුවීම්
වලින් සිද්දවුණ ආලාපාළු, දෙස් දෙවොල් වගේම පොලු මුගුරු ප්‍රහාර මැද කෙනිත්තිලි, අහුබකම් අතරේ, අතට ගත් දේ කටට දාගන්ට පෙර අතින් ගිළිහී යාමෙන්.
ඉතින් එකම වැරද්ද, දෙතුන් වර කරන කෙනෙකුට සමාවක් ලැබෙයිද? මම මට සමාව දුන්නා. හැදියන් කියලා. සමහර වැරැදි වලට හත් වරක් නෙවෙයි හැත්තෑහත් වරටත් වැඩිය සමාව දුන්නා. මට නොවැරැදුනානම් අද මා වැනි කෙනෙක් මේ මිහිපිට නොසිටිනු ඇති.

වැරැදුනාම ඇඬුවා. කඳුළු, ප්‍රශ්නෙට පිළිතුරු
සපයන නිසා නෙවෙයි. හිත ඇතුළේ තියෙන වේගය, තාපය ප්‍රහර්ශය
තුනී වෙන තෙක්. හරියට ගිනි කන්ද පිපිරිලා කැකෑරෙන ලාවා එළියට ඇවිත් cool වුණා වගේ මගේ හිත සන්සුන්
වෙනව එතකොට. ඊට පස්සෙ වැරැදුණ තැන
කොහෙද කියල තේරුම් ගන්න බලනවා. වීරයෝ පණ්ඩිතයෝ වගේ නැතුව පුංචි ළමයෙක් වගේ වැරද්ද හදාගන්න; මම හරි වුණත්,
වැරැද්දට කොහොමද මං සම්බන්ධ වෙලා තියෙන්නෙ කියලා ටිකකට
හිතන්න එතකොට පුළුවන්
වෙනවා. පරාජය ලැජ්ජා සහගතයි
කියලා හිතෙනව තමයි, ඉතින්
පැරැදුනාට පස්සෙ, වෙච්ච දේට
මක්කොරන්නද?
ප්‍රඥාව තියෙන තැන සහ තිබිය යුතුවූ තැන මතක් වෙන්නෙ ඒ වගේ වලාවට. ඉතිහාස පොත වැදැගත්
වෙන්නෙත් ඒ වගේ වෙලාවට. හදිසි තීරණ ගන්නෙ නැතුව තමන්ට දඬුවම් දෙන්න හරි, අනුන්ට දඬුවම් දෙන්න
හරි, වීර චරිත රඟ පාන එක හරි නෑනෙ. ඉතින් දණි-පණි
ගාලා, වැටුන තැන
ඉඳන් වණ කැළල් අතගාලා, කැඩුණ බලාපොරොත්තු පිළියම් කරලා,
නැත්නම් වියපු පන්නමට අළුත් රටාවක් දාලා, නැඟිටලා පටන් ගන්නව. ගමනේ යා !
ජීවිතේ කියන්නෙ සතුට වගේම දුකත් සමහන්ව
පවත්වා ගත යුතු තැනක්නෙ. නමුත් නිමක් නැති බලාපොරොත්තු, ප්‍රාර්ථනා
අපිම හදාගෙන, අපිම දුක් විඳිනව. අදට කරන්ට තියෙන දේ තමන්ට හැකි ප්‍රශස්තම මට්ටමින්
කරන්න පුරුද්දක් ඇති කර ගන්ට පුළුවන් නම්, අපි ගොඩ! හෙට
දවසේ වැඩ ගැන හිතන්ට ප්‍රමාණවත් අවකාශයක්, හිතට
සැහැල්ලුවක්, ඒ වගේම උද්‍යෝගයක් අවශ්‍යයි. ඒ නිසා අදාල මානසික
සහ ශාරීරික සූදානම ඇත්නම් අද වගේම හෙටත් අවුලක් නෑ.
මගේ ජීවිතේට පාළුව කියන "concept" එක බොහොම දුරස්ථයි. ඇත්තම කීවොත්, හැබෑම පාළුව දෙවතාවක්
මගෙ ජීවිතේටම මට දැනිලා තියෙනව. පලමුවෙනි වතාව තමයි, මගේ ආදරණීය
තාත්තාගෙ මරණය සිද්ධ වෙලා, භූමදාන කටයුතු
ඉවර වෙලා, මගේ ගෙදර ආවට පස්සෙ මට දැනුන පාළුව. හුස්ම
හිර වෙන තරමට ඒ පාළුව මාව වෙලා ගෙන හිටියා. දෙවන වතාවට මට පාළු දැනුනෙ, ඊට අවුරුදු
විස්සකට පස්සෙ. ඒ මගේ ආදරණීය අම්මා මියැදිලා, භූමදානෙනුත්
පස්සෙ, හත් දොහේ දානෙ ඉවර වෙලා ගෙදර හිස්වුණාම.
මහ ගෙදර පැවතුන පාළුව දරා ගන්න බැරුව මම
හෙම් බත් වුණා.
එවන් පාළුවක් කෙනෙකුගෙ අත්දැකීමක් බවට
පත්වීම තරම් අමිහිරි දෙයක් තවත් තියෙයිද? ඒ හුදකලාව මිහිරියි කියනවානම් ඒක පට්ටපල් මුසාවක්!
ඒ අවුරුදු විස්ස අතරතුර වගේම ඉන් පස්සෙත්
පාළු දැනිය යුතු අනන්ත කරුණු කාරණා සිදුවුණා. මං ඒ වෙලාවට කවි ලීවා. ලීවා නෙවෙයි
ලියවුණා. ඒ කවිවල තිබුණෙ මගේ වියළී ගිය කඳුළු පැල්ලම්. තුවාල වුණ හිතේ ගලාගෙන ගිය
ලේ පැල්ලම්.
සමහර කවි සංකල්පනා මා යොවුන් වියෙන් අහුලාගත් දේවල්. ඒවා මගේම අත්දැකීම් නොවෙන්නත් පුළුවන්. තවත් ඒවා ජීවිතේ ඒ ඒ අවධිවලදී මනුස්ස සහ සම්බන්ධතා ඇසුරෙන් අහපු, දැකපු, අත්විඳපු දේ විය හැකියි. සමහර විට ඔබේ, අපි බොහෝ දෙනාගේ අත්දැකීම් ඒ අතරේ තියෙන්න පුළුවන්.
ලෝකේ තියෙන ඔක්සිජන් බිංදුවටම හිඳුනා වගේ දැනුන අවස්ථා තිබුණා.
ඒත් මම හුස්ම ගත්තා. ඒ කියන්නෙ, ජීවිතේ පවත්වා ගෙන යන්න උත්සාහ ගත්තා. "ජීවන-ප්‍රශ්න", දෙවෙනි තුන්වෙනි තැන්වලත්, "ජීවිතේ" පළමු වැනි තැනත් තිබිය යුතුයි කියලා මම අවබෝධ කරගෙන හිටියා. ඉතින්, ජීවිත ගමනේ අතරමඟ හමුවණ දේවල්, මඟියෝ, සතා-සීපාවා මතකයේ තියාගෙන, ගමනාන්තය කේන්ද්‍ර කරගෙන ගමනේ යෙදුනා.

ඇයි?
මනුස්ස ජීවිතයක් කියන්නෙ මහ අපූර්ව දෙයක්!
මනුස්ස ජීවිතයක් කියන්නෙ මහ අපූර්ව දෙයක්!
ජීවිතේ දුර්ලභයි! ජීවිතේ මාහැඟියි!! ජීවිතේ
අනර්ඝයි!!!
(Lounge එකට ගොඩ වැදුන කෙනෙක් අහපු ප්‍රශ්නෙකට මට
දෙන්ට තියෙන උත්තරේ මේකයි).
මල්ලිකා එම්.
බණ්ඩාර
01.02. 2017
No comments:
Post a Comment