Wednesday, 8 February 2017

සරා සඳ


සසර අරණේ තනිව
සරණ නුඹ මුවැත්තී,
අසරණව ඇති සෙයක් දැනුණි දොඩනා කෙනෙහි
පිළිසරණ නොයැදි මුත් දෑත දිගු කළ සැනෙහි
දැහැන් ගත සිත ඉපිල ගියා නොකරම​ මෙනෙහි

රැගෙන අතඟිළි අගින් ඇවිද්දෙමු වල්මත්ව​
නෙතින් නෙත බලාගෙන කිමිදුනෙත් කුල්මත්ව
වනපෙතේ මිමිණුමට සවන් දී එක සිත්ව​
පවන් රැල්ලක්​ වගේ පාවුණා මන් මත්ව​

නුවන් දැල බිඟු රැහැන් පට ඉරී සැලෙන සඳ
රත් නෙළුම්​ පෙති ​ දොවා වැටෙයි මුතු තුසර පොද
එතෙර විය නොහැකි ගං දෑල ළඟ ඇදිලි බැඳ​
නිවා දැම්මේ කිමද​ පහන් වැට පසෙක​ හිඳ

අළාමක මනෝමල් යායෙ පිබිදී ඇති
මිලානව නොයන කැකුළක්ව​ පවනේ එතී
නිරාමිස සුවය වළඳන පිණිස නොනැවතී
සරා සඳ ඇවිත් මගෙ හිත හදාපන් සකී


මල්ලිකා එම්. බණ්ඩාර​



07. 02. 2017

No comments:

Post a Comment