දුක්විඳින
ගැහැණු දැක බුරුල්ලට කිරිඑරුණ
හෙවන් හෝ
නිවන් දොර විවර කරවන වහන
කාන්තා නිදහසේ
ගැලවුම්කාරියන්
කාන්තා
අයිතියේ අසහාය සෙබළියන්
නුඹ සමඟ එක
පෙළට එකට හිටගන්ට
නේන කාරණේ නම් අනේ මං දන්නේ නෑ
නේන කාරණේ නම් අනේ මං දන්නේ නෑ
වෙහෙර මහ දේවියන් කොළොම්පුර දස අතේ
ඉටිපහන් අතින් ගෙන උයන් දොර වටලතේ
කටේ කෙල බිඳක් නුඹ නිසා නොහෙලනා මුත්
කිඹුල් කඳුළක් එතැයි උන්ගෙ නෙත් හිමවෙලා
යොදුන් ගණනක්ම හති එලා මුතු පොකුරකට
අයෝමය ගැහැණියක් හිඳී කඳු සිඛර මත
හිතූලෙස දිය කෙළිය
නුඹෙ කඳුළු
ගඟ දිගේ
උඩු
අතට පීනාපු නුඹෙ
සුසුම් වැල් දිගේ
බොරදියේ මාළු
බානා උන්ට එරෙහිවී
නැඟී සිටි සත්‍යයේ ඉන්ද්‍රඛීලය නුඹයි!
අසාධාරණය සැඩ සුළඟවී හමන සඳ
යුක්තියම ලුහුබඳින නිසල මහමෙර නුඹයි!
යුක්තියම ලුහුබඳින නිසල මහමෙර නුඹයි!
කුරුස ගහ
උරතියා ගෙන තනිව මංපෙතේ
කල්වාරි කන්ද තරණය
කරන නුඹෙ වතේ
කඳුළු බිඳු
වියළන්න දූලි සුළඟට එතේ
මහමෙරත් සසල
විණි දහිරියට නුඹෙ හිතේ
අදිටනින් හිඩැස පියවනුව දිවි මුතු පොටේ
පිළිපන්ව නොනැවතී හඹා ගිය මඟ තොටේ
ඉකිබින්ද වැලහින්නියක වගේ ලෙන් ගැබේ
නුඹේ දුක් ගිනි ගොඩට මිලක් නියමව තිබේ
මල්ලිකා එම්.
බණ්ඩාර
31.03 2017
No comments:
Post a Comment