තොරණ බඳිනවා
දන්සල් දෙනවා
කුවේරයින්
පාරමී පුරනවා
සැදහැති බෝසත්
රජ මැතිවරුනට
පුරවැසි ජනයා පින්
පුරවනවා
විශාකා තුමූ දොර දන් දෙන කොට
අම්බපාලිලා
නුවර සරනවා
කිසාගෝතමී මළ දරුවන් ගැන
කන්‍යාවන්
ගෙන් පේන අහනවා
ඇඳිවත නැතිවම තිඹිරි ගෙයින් බැස
සිපිරි ගෙවල්
ළඟ අබ ඇහිඳිනවා
පටාචාරලා මං
පෙත් ගානේ
ඉණ ඉහ විකුණා
කාසි හොයනවා
ජීවක ඔසු
දුන්
ගෞතම වෙදදුරු
වැඩ-හිඳි ආ-ගිය
තැන් විමසනවා
සුවිසල් පහවල බුමුතුරුණින් වැඩ
සූවිසි බුදුවරු පිරිත් නූල බැඳ
රන්
පා ධාතුවෙ දන් වළඳනවා
අතමිට නැතිවුන් කුස පොතු උදෙසා
දන්සල්
දොරකඩ පේළි හැදෙනවා
ඉඳුල් බොජුනකට
වරුවක් ගතකර
දන්දෙන
උතුමන් නිවන් යවනවා
අටපහ නොමදත්
කෙළතොල්ලන් රැල
දම්සක් පැවතුම්
වැසි වස්සනවා
පුරවැසි
දුගියෝ සිත් පහදාගෙන
සාදුකාරදී නිවන් පතනවා
මල්ලිකා එම්. බණ්ඩාර
12. 05. 2017
12. 05. 2017
No comments:
Post a Comment