කියන් මම නුඹට
දුන් පුංචි සුදු
ලේන්සුව
වහන් කර තියා
ගත්තද ඇසක නොගැටෙන්න
මා අතින් නිමා
කළ රෝස මල් පෙති අතර
ලියා ඇති " M " කියා
මගෙ නමේ මුල්
අකුර
හමුවෙන්න බැරි
නිසා දිනක අතරින් පතර
තැති ගනියි ඔබ
මගෙන් දුරස් වේයයි නිතර
පිළිසිඳුන
පෙම වටින නිසා මහමෙර විතර
එපා අමතක
කරන්නට ගියත් දුරු කතර
ඔබෙ සිනා පොදක
තෙතමනය නැති මානයේ
ලොබ බඳිමි
උණුහුමට මියුරු ගිම්හානයේ
මුදු සුවඳ දැවටෙනා
ඇස ගැටෙන මානයේ
රෝස මල්
යායක්ම පිපුණි සන්තානයේ
අතින් අත පටලාන ඇවිද ගිය සන්දියේ
නෙතින් නෙත කළතාන
කිමිඳ ඉඳුනිල්දියේ
අහම්බෙන් හමුව
වෙන්වුණ සිහින අඩවියේ
යළිත් හැකිනම්
ඉන්න කිඳුරු පාසල් වියේ
මල්ලිකා එම්. බණ්ඩාර
18.03. 2017
No comments:
Post a Comment