Friday, 30 March 2018

Silence,


 You are my soundless song
which I was waiting to hear
I would say, for a so long time
It may be, throughout my existence!
It seemed,
only I can communicate
and translate to the words
I opened my eyes but,
in the deeper silent night
or in the midst of the darkness
 I found only the emptiness

When I am alone
like a little mushroom
over the dewy green grass
shining in the moonlight
showering on the lonely earth,
You were there ! You were there

You whispered to my ear
and breathed to hear you near
I knew it is tangible, it is sweet
like a sweet-smelling aroma
I heard your voice
which filled with the immense peace
that flooding the joy never cease 

Myriads of stars
blooming in the sky
Like thousands smiles
Gazing for a while
Silence, be by the side of me
and breath into my empty life!  
My heart is tuned
to play a song of soul
This is the perfect night
to fly high like a kite


Mallika M. Bandara

10.07.2017

Wednesday, 28 March 2018

මතකයෙන් බිඳක් - 4


මතකයෙන් බිඳක් - 4

උයන්පල්ලා ගේ කතාව

(මේ සටහන: සරසවි උද්යාන සේවක ජිනදාස නම්වූ පරිසර හිතකාමී මිනිසාට උපහාර පිණිසයි)​.

පේරාදෙණිය විශ්ව විද්යාලයේ අපේ අවසාන වසරේ අපේ "group "එකේ හත් දෙනෙක් රාමනාදන් කොමන් රූම් එක ළඟ ගඟ පැත්තට තියෙන “ground floor” කාමර පේළියේ 84 - 87 දක්වා කාමර හතරක හිටිය. අපේ කාලෙ රාමනාදන් “gardner” ජිනදාස කියල විශ්රාම යන්න ආසන්න කෙනෙක්. සමහර වෙලාවට අපි බැල්කනියේ හිටියොත් එයා වැඩකරන වෙලාවටඅපේ කෙනෙක් කතා කරනව

සිහින් මිටි සිරුරක් සහිත අව්වට කරදැවී වැස්සට පෙඟී පදම් වුණ ඡවි වර්ණය සහිත නිතර දකින මේ පුංචි මිනිසා මා තුළ දැනවූයේ සානුකම්පික හැඟීමකිනිරන්තරයෙන් බිමට නැඹුරු කරගත් මුහුණ මත ගිලීගිය බයාදු දෑස අප දුටු සැණින් බිමට නැඹුරු වෙයි

"හා... ජිනදාසෑ... කොහොමදෑ...?"

 ඉඳහිට හෝ මම ඔහුව ඇමතුවේ  දුඛිත මුහුණ මත හිනාවක සේයාවක් ඇඳෙනු ඇතැයි   අපේක්ෂාවෙනිජිනදාස යාන්තම් හිනාවක් නඟා ගන්නට උත්සාහයක යෙදුණිඒත් ක්ෂණිකව  හිනාව සඟවා ගත්තේය

"මිසීලත් එක්ක හිනා වෙන එක අපි වගේ සුලු සේවකයින්ට අකැපයි නේවැනි හැඟීමක  සෙවැනැල්ල  උත්සාහය තුළ සැඟවී තිබිණැයි මම අනුමාන කළෙමි

"හාමු දකියි!" ( කියන්නෙ එවකට Ramanathan Warden Mrs Cook) කියල වට පිට බලලා එහෙම තමයි එයා අපිට කතා කරන්නෙ. එයා පේරාදෙණිය කැම්පස් ඉතිහාසය (විශ්ව විද්යාල භෞතික ඉතිහාසයගැන අපූරු තොරතුරු කියනව

අපේ “rooms”වලට පිටුපස පිට්ටනියෙජිනදාස විසින් ක්රමවත්ව කපා හැඩකළ ක්රෝට්න් පඳුරකට මැදිවෙලා මීටර් භාගයක් තරම් උසට අඹ පැළයක් තිබුණා.

ජිනදාස මේ අඹ ගහ කපන්න එපා ඔන්න". 

ඇයි මිසී?"  

"ඒක ඔන්න ඔහෙ  ලොකුවෙන්න අරින්න".   බැල්කනියෙ ඉඳලා මම කීව.

ඇයි මිසී  එහෙම කීවෙ?” ජිනදාස ඇහුව.

අපේ ළමයි කැම්පස් එන කාලෙට, ගහ ලොකුවෙලා ගෙඩි හැදුනාම, අයට අඹ ගහට පොලු ගහන්න පුළුවන්නෙ" කියලා මම බැරෑරුම් විදියට කීව.

ජිනදාස " කහ්... කහ්" ගාලා හිනාවෙලා, හොඳට හරිබරි ගැහිලා කතාව පටන් ගන්නව,

"මිසීලා දන්නෙ නෑ.  "අයිවෝ ජෙනිස්" (Sir Ivor Jennings) මහත්තයා හොඳට හිතලා  මතලා තමයි පැලයක් හිටෙව්වෙත්. මල්වල පාට ගැලපෙන විදියට තෝරාගත්තු ගස්ගස් අතරේ නියමිත දුර​​උස ගස්මිටි ගස්හීන් කොළ තියෙන ගස් වගේම වැල් යවන්ට ඕන ගස්,  ආරුක්කු විදියට තියෙන්න ඕන ගස්මොනවද කියලා හරියටම කල්පනා කරලා තමයි මේ පොළොවේ හිටෙව්වෙ.

 බොහොමයක් මල් පැල ගෙනාවෙ මැලේසියාවෙන්අපි මේ ගහකොළ හදා වඩා ගත්තෙ දරුවො වගේ. හින්දා අපි ඒවා ආරස්සා කර ගන්න එකනේ හරිදේ". 

ජිනදාස කීව.

පසු  කාලයේ නැවතත් දිනපතා මට ජිනදාස දකින්නට ලැබුණාගැටඹේ අළුත් පාලම හදන්න ඉස්සර,  උදේට ගන්නොරුව බස් එකෙන් මම නුවර ගිය කාලයක් තිබුණා. ගන්නොරුව පාරේ ගං නැම්ම ළඟ, බස් එක එනතුරු මඟ බලාගෙන සිටින මට, පාරේ අනික් පසින් ඇවිද ගෙන යන පුංචි මිනිසා මගේ මතකය සරසවියට යාකරනවා

ඔහු  පදිංචි වෙලා හිටියෙ ගන්නෝරුවේබොහෝ දිනවල උදෑසනඑදා වගේම සිරස් තීරු සහිත ලෙදර්බෑගය අතේ එල්ලා ගෙන,  සුදු කොටු සරම සහ සුදු අත්කොට කමිසය ඇඳපොකට් සහිත කළු හම් පටිය ඉණට බැඳ සිටින ජිනදාසදුර තියා මා දකින ඔහු බිම බලාගෙන මා පසු කර ගියා මිස හිස ඔසවා බැලුවේ නැත

මම මගේ සුපුරුදු පුළුල් හිනාව පෑවත්, කාලයේ ඔහු මට හිනා වුණේ තරමක චකිතයකිනිමූණට හිනාවක් එකතු කරන්නට උත්සාහයක යෙදෙන ගමන් මං පහුකරගෙන යන හැටි මට තවමත් මතකයි.  

ජිනදාස විශ්ව විද්යාලයේ වැඩට ඇවිත් තිබුණෙ එයා තරුණ කාලෙ. 1980 ගණන් වල විශ්රාම ගියත්, 90 වෙනතුරුත් විශ්ව විද්යාල ආචාර් මහාචාර්යවරුන්ට පෞද්ගලිකව “gardening” කළා

"තාම කැම්පස් එකේද වැඩ ? වරක් මම ඇසුවෙමි.

 "අපි විශ්රාම යැව්වා මිසීමම දැන් විස්ව විද්යාලෙ සර්ලාගේ බංගලා වල ගාඩන් වැඩ කරනවා".

දශක ගණනාවක් සරසවි බිමේ උද්යාන නඩත්තු කළඑහී අපූර්ව සුන්දරත්වය පවත්වා ගෙන යාම සඳහා උරදුන් මේ මිනිසාතාමත් ජීවිත්වීම උදෙසා සිය   අබලන් සිරුර වාරු කරගෙන යන ගමන කොතරම් සෝචනීයදැයි මට සිතුණි.

මල්ලිකා එම් බණ්ඩාර

 28. 03. 2018