Monday, 12 March 2018

විරසක විරහව


මගෙ හිත අරන් පියඹා  ගිහින්
හැම බක් මහේදිම යළි යළි ඇවින්
නිහඬව හඬා වැටෙන හද ඉකිලමින්
කොනහන්නෙ ඇයි විරහ ගී මුමුණමින්

විසකුරු සපුන් වැනි රැකවලුන්
වැටකොටු කොහොල් අපි වට කරන්
නිදි නැති රැයේ විදින සඳ දුනුදියෙන්
සැසලෙමි ඔබේ නෙතග සර මතකයෙන්

නිමවී ගිහින් වසත පර මල් සලා
කුරවී කොවුල් තනුව වී මංමුලා
වන පෙත හඬයි විරහ ගීයක් වෙලා
අපි වෙන්වුණේ කෙලෙස විරසක වෙලා


මල්ලිකා එම් බණ්ඩාර​
12. 03. 2018

No comments:

Post a Comment