Tuesday, 20 March 2018

දැහැන


සීතල සුළං පොද සෙමෙන් වත පුරා
පිණි කැට දුහුල් සළුව​ දවටන තුරා
තුරුමත කිරා වැටෙන​ නෙත නිදි වරා
වාවමි ළසෝ ගින්න​​ මුළු රැය පුරා

දුර ඈත​ ඉසව්වක ඉඳ පියඹලා
මගෙ හිත බිඳෙන් බිඳ කියවලා
ගී තණු ගොතා මුමුණා හෙමින්
පවනේ එතී මියුරු සුවඳක් ලෙසින්
රැඳුනා පහන් සිතක දැහැනක් වෙසින්

හද ගිරි ලෙනේ සිහින​ සිතුවම් වියා 
මතුරා නුරා  විහඟ​ ගී පද ලියා
ඉගිළී ගියෙන් මගෙම​ පාමුල තියා 
කැළතී දියඹ ඉවුරු දෙදරා ගියා  

පියසන් හඬක් සවණ වැකෙනා තුරා
මඟ බල බලා හිඳිමි යළි එනතුරා
අතුරා දුහුල් සළුව වෙළපෙති බඳින් 
සැන්දෑ අහස් තලයෙ පිපි තරු මැදින්​
සඳ පත වෙලා මවෙත​ නැවතත් වඩින්

මල්ලිකා එම් බණ්ඩාර​

20. 03. 2018

No comments:

Post a Comment