In Memmory of my Loving Father!
Under the
grey sky
I remember
you!
Every breath….
I remember you!මිහිමඬළ දෙස බලන
නොමේරූ හඳ පළුව
ගෙවී ඇත හරි අඩක්!
කලාවෙන් කලාවට පිරෙන සඳ
දියව ඇද හැලෙනවා බිඳෙන් බිඳ
සසර අරණේ දිනක අතරමංවූ කලෙක
කඩා ඉහිරවා දැමුවාද අපි
තුරු හිසක තනාගත්
සාමයෙන් ප්‍රේමයෙන් පිරි
කුරුළු කැදැල්ලක්?
ජීවිතය පුරා අපි වැළපිලා
හුයෙන් හුය අමුණන්න වෙහෙසුනේ
දෛවයේ මාරුතය පැහැරගත්
ඒ කුරුළු කැදැල්ලයි
මගේ ලොව අඳුරු කර දුරස්වූදා පටන්
බිඳී ගිය පදාසය සොයන්නට
දැරූ තැත ඉමහත්ය
තවත් ගමනකට මං පෙත් හදන
එවන් අවසර පදය රිදුමක් ය
ජීවිතය පුරා අපි වැළපිලා
හුයෙන් හුය අමුණන්න වෙහෙසුනේ
කාලයේ සැඩ සුළඟ පැහැරගත්
ඒ කුරුළු කැදැල්ලයි!
අහම්බෙන් හමුවෙලා සමුදුන්න
ගිවිසගෙන යළිත් හෙට හමුවෙන්න
මතක නම් ඒ මොහොත පියාණෙනි
සසර ගමනේ යළිත් හමු වෙන්න!
මල්ලිකා එම් බණ්ඩාර
20. 02. 2019
No comments:
Post a Comment