සහේ ගන්න කෙනෙක් නැතිව
ඔහේ ඉන්නවා තනියම
නින්ද ගම් උරුම නැතිකොට
ඉණේ වත පමණි සන්තක
කොහේවත් ඉන්න කෙනෙකුට
සිදාදියෙ පිච්චකාරිට
හින්නවුණ තෝඩු තැළි පිළි
අත්ත මුත්තා කාලේ හිට
පෙලවහක් ගන්න දවසක
පළඳවන්න එන ඇත්තිට
ඉහේ නර කෙසක් දුටුදා
දැනුණි කල් ඉකුත්වූ වග
පිළුණු බතක් වාගේ දැන්
දවස ගෙවෙනවා අකලට
පෙර භවේ ණයක් පියවා
කැඹුරුමක් ගන්න කෙනෙකුට
උදුම්බරාවක් නොවුණත්
ඇත්තියක් ඉන්න මානෙක
ඔත්තුවක්
දෙන්න පිංවත
පිං පිරෙයි නිවන් යන්නට
මල්ලිකා එම්
බණ්ඩාර
7. 02. 2019
No comments:
Post a Comment