Tuesday, 28 April 2020

සැඳෑ සමය

දළ සුළඟ වැද​ ළපළු පත් වුව
කල අකල නියතයක් නැතිවම
පොර බදා වෙහෙසින් හැළීයන
සැඳෑ සමයයි මේ

එකතු කළ නව රටා යහමින්
දොබාදහමට අරුත් බඳිමින්
වසන්තය අග බලා හිඳිනා
නැඟුන හිරු නිහඬව ගිළීයන
සරද සඳ සමයයි

නැවුම් අතු ඉති ළපළු ගන්නා
මෙහෙය නිමවා ගිමන් නිවනා
විරාමයකට  ඉඩ හසර දී
පහන් සිතුවිලි නෙතග තවරන
සැඳෑ සමයයි මේ

ළබැඳියන් පෙර පසු ගමන් නැති
සමු ගැනුම් හෝ සුබ පැතුම් නැති
හුදකලාවේ උණුහුමට ළැදි
එළඹ ඇතිමුත් වැළඳ ගනු බැරි
සැඳෑ සමයයි මේ

අතින් අත ගෙන පා තබන මුත්
හිතින් ගව් ගණනක් දුරස් වන
නෙතින් සමු දිය යුතුය අයදින
සොඳුරු තොටුපොළ අසල තනිවෙන
සැඳෑ සමයයි මේ

මල්ලිකා එම් බණ්ඩාර

26. 04. 2020

Tuesday, 21 April 2020

පාස්කු විත්තිය



දෙව් මැදුරුදොර සසළ කරනා
සුසුම් වැල් යාවෙමින් අහසට
සුවඳ දුම් මුසු සුළඟ දැවටී
ඉටි පහන් සිළ සැලෙයි හෙමිහිට

ගෙවා ගන්නට නොහැකි වසරක්
ගෙවී ඇත  සියවසක් ගාණට
අහිමි වූ දේ සොයා දෙන මඟ​
නීතියේ දෙවඟනට හිමි නැත​

ළබැඳියන් සැම​ වියෝවූ සඳ​
දයාවේ පුදසුන අසල හිඳ​
කරන ආයාචනය මොහොතක්
සමාදානෙන් සවන් දුන මැන

අසාධාරණයට එරෙහිවයි
හඬ තළන්නේ නොවෑවුණ හිත​
පසිඳ ලන්නට කිමද පසුබට ​
කරුණු කාරණ බලා  යුක්තිය ?

අදත් ආවෙමි බැහැදකින්නට
සුවාමිනි ​ දිව ඇසින් දැක්කද​​ 
හමුනොවන්නට​ අදිසි හස්තය
බියෙන් සැකයෙන් ආව විත්තිය​


මල්ලිකා එම් බණ්ඩාර
21. 04. 2020

Saturday, 18 April 2020

දියේ ගිල්වූ ප්‍රේමය​






















මුතු
 ඇට​ අකුරින් කැටයම් කරලා  
ප්‍රථම ප්‍රේමයේ අසිරිය ලියලා  
නුඹ එවනා ලද​ පෙම්පත් වදුලම​
නිදන් කළෙමි කිරි මුහුදේ පතුළෙම​​  

ඉරා දමද්දී හදවත ඉරුණා
චිතකය සේ ළෙහි ගිනිදළු වෙළුනා
නෑදෑ කඳවුරු යුදවැද  ​ හිඳිනා
සනසන්නට වැව් දියඹට ඇදුනා

සුවහස් පැතුමන් මසිත වියාලූ
සොඳුරු ලොවක මල් පියළි එළාලු
"අ"යනු කියූ පෙමසමුගත යුතුවිය
ගයනු පිණිස හන්තානේ ගීතය

අමුණා කුළුඳුල් පත් ඉරු ගොණුවේ
කළුගල් පතුරක් ගැටලා ලණුවේ  
ඔරු කඳ මත හිඳ​ මල් පෙති ඉහිරුණ​
වැව් දිය රැල්ලේ ඒ පෙම සැඟවිණ​

සඳ පහනේ අප ඔරු පදිනා සඳ​
වළා බැම්ම  ළඟ​ නුඹට පිදු පෙම
කිරිමුහුදේ කිමිදී දියවුණ වග​ 
​අදහනු වාවනු කෙලෙසක සකිසඳ​?

වළා බැම්ම බිඳිනා දිය රළ සේ
තළා ඉවුරු ඉකි බිඳුනා රහසේ
විළාපයක්වී සදහට සමුදෙන 
පවන් රොදක් අතවැනුවා දුර හිඳ​​ ​


මල්ලිකා එම් බණ්ඩාර

 17. 04. 2020


Friday, 17 April 2020

විනිශ්චය​


සිප වැළඳ හිඳි මිනිස් වග සිනා කැරැළි  මැද​
තනිවෙලා  කඳුළු සුසුමන් අතර ඇදිලි බැඳ​  
සොබාදම එරෙහි වී බිඳ දමන පිණිස ඔද​    
හුදකලා කර තිබේ වින කරපු අපව අද​ ​

කිට්ටු වෙන් හෙමින් ගෙයින් ගෙට ගිහිල්ලා
තට්ටු කරනවත් ඇති දොරකඩට ඇවිල්ලා
හෙට්ටු නොකරම දෙන්ට ඇත​ කිරුළ ගෙනල්ලා
මට්ටු වෙන්නට එපා නොනගතේ ගිහිල්ලා 

ලෝක නීතියට දණ නොනැමු අපෙ වාහෙලා
ජාති ආගම් පන්ති කුල  අතර මැදි වෙලා 
අබටකුත් නැතිව ආ උඩඟු හිත් ඉදිමිලා 
එකිනෙකා වෙන්වුණේ මමායන්තරවෙලා
  
මරණයේ සෙවැනැල්ල කල් බලා පැමිණිලා
සන් කරන හඬින් මුළු ලෝතලය  කැළඹිලා
ඇන කොටා ගත් උන්ම බියපත්ව ගුලිවෙලා
අදිසි සතුරෙකු අසල​ හිඳී  අසරණ වෙලා

සසලවුණ කඳු මුදුන් බිම වැටී     සමතලා   
උස් පහ​ත් තැන් නැතිව​ ගලා යයි දියවෙලා
ධන නිධන හැම හිඳී පුලන්නට  පේවෙලා 
සාගින්න තුලාවේ හරි මැදට​  ළං වෙලා 

සතා සීපාවාට​ උන්ගෙ බිම්         හිමිවෙලා 
පෙම් කෙළිති ගම් දනව් මායිමට ඇවිදලා
කර දියේ නිම් වළලු නොදැන හිඳ සැඟවිලා
ගෝණ මුව රෑන ​ දිය​ කෙළිති රැළි   පාගලා

මල්ලිකා එම් බණ්ඩාර​

14. 04. 2020


Thursday, 16 April 2020

What is life?



Life cannot be understood
Understanding is impossible
Life is a mystery
that means it cannot be explained.
I’m trying to walk on a rainbow
but there is no rainbow
When I tried to reach
I can see it further more far
The place where I saw it
there is no rainbow!
The rainbow is just an appearance
Rainbow simply appears,
But it is not there.
Like the life

 Mallika M Bandara
16. 04. 2020










The Sky




I’m the sky, the blue sky the empty sky.
Thousands of thoughts surrounded
and covered the space
When the sky is clouded
 the brightness of the sky disappears
 The sky remains
With the sun set
 the sky turning into the red
 morning sun rays
painted in the golden colour
the infinite blueness
can no longer been seen.
I am the sky
Happiness comes and goes
Anger appears and disappears
Love entangles and loosen.
Union and separation
Always there!
That is the human nature.
Clouds come and go
But the sky remains forever!
I am the sky
The blue sky

Mallika M Bandara

16. 04. 2020








God is alive!



There is no exact place to be find
but I believe in God,
not because of God is here
not because of God is there
In the shrine or under the holy tree
Without god I’m really helpless
I’m nothing, I’m just a worm
Even if there is no God
I would create one
In the image of mine or in the image of a bull
What else, both are the same
Without God the life is meaningless
Needed a parent, needed a policeman
Needed a comforter or helper
Needed a companion to have a chat
Often, I offered prayers 
Babbling before the one
who are not argue with me
Is amazing!

Mallika M. Bandara
14.07. 2017

A New Birth




It is not easy to turn it
in to the words
the unbearable pain
just up to near the brim
that filled in the whole earth
the agony will irrupted soon
in the depth of the heart
by the hope of the great ascension

Earth is standing to accept the child
The iron gates of the prison cell
will be to be opened.
The mountains and valleys
are going to be even
The Holy Conception is
to be proclaimed for the humanity
the whole nature is listening
to hear the sound,
the sound of music
the sound of peace
the sound of joy.
For the fallen humanity!



Mallika M. Bandara
11. 07. 2017

Monday, 13 April 2020

පාස්කු උදෑසන​



දෙව්මැදුර කෙලවර 
පුරුදු දුක්බර මුහුණ
කිසිම වෙනසක් නැතුව 
කටු කොරෝනාවේ
බර දරා හිසමත 
ජේසු තවමත් හිඳී 
ඇණ ගසා කුරුසයේ 

සැබෑ ඔබ දැන හැඳින ගන්නට​
හෝඩුවාවක්වත් තිබේදැයි
කවරයෙන් කවරයට පිටු අතර​
සුභාරංචිය පුරා සෙව්වෙමි
සැබවින් ඔබ දුටිමි. හැඳිනිමි.

සාදයකට පැමිණ​ 
යහලු යෙහෙළියො පිරිවරා ගෙන​
රස මසවුවුළු  ​සමඟ
මධු ශරාවක් ගෙන
දුටිමි සව්දිය පුරනු සතුටින්​ ​

මඟුල හෝ මළ ගෙදර 
හිඳිනු දුටුවෙමි කඳුළ හස ළඟ​
ඒත් ඔබ හිනහුණේ නැති බව
කියති මගෙ නෑ හිත මිතුරු වග​

ගම් නියම්ගම් වල 
දිඹුල් තුරු සෙවන යට​
ඇවිද ගිය ප්‍රීතිමත් මිනිසා
බවුන් වඩනා පිණිස
වනගතව​ එකලාව
අවදි කර​වා නැණ ​
දිව්‍යමයවූ ප්‍රේමය
පසක් කළ​ අප උදෙසා 
දුක් බරය ඔබෙ වත​!

ඉතිහාසය පුරා  ඇණ ගැසූ කුරුසයක​
ඔබෙ මුව මඬළ මත පිළිබිඹු කරන්නට​
මිනිසුන්ගෙ ජීවන බර ​ 
සමඟ​ උන් සෝබර සිත​
දුකින් පිරි උන්ගේ 
අරමුණ වීද​ නොදනිමි

පාස්කුවෙ අභිමන් 
සනිටුහන් කර නොමැත සුරුවම් 
පුහුදුන් තෙළිතුළින් 
කෙසේ දිවමන් වේද​ දෙවිඳුන්? 
ලොව්තුරු හද ගැඹුර​
පිවිතුරු සිතක මනහර​ 
අවලෝකනය කර​
කවුරුනම් විනිවිද දකීවිද​? 

මල්ලිකා එම් බණ්ඩාර​

12. 04. 2020


Thursday, 9 April 2020

කොරෝනා ආවර්ජනා



ඉර දෙයියෝ සැර මකලා අපෙ ගත උණුසුම් කරන්න
සඳ දෙයියෝ කිරි දියරෙන් අපි දෝවා සතපවන්න
වැස්ස වළාහක දෙයියෝ කලට හීන් වැහි එවන්න
මිහිකත අම්මා නිදුකින් දිගු කල් ජීවත් කරන්න

මිහි මඬළේ වන සිව්පාවුන් පණනල රැක දෙවන්​ට
පස සරුවී පලබරවන ගහකොළ යහතින් වැඩෙන්ට
ගංගා ඇල දො කඳු රැළි සම්පත සුරැකිව තියන්ට​ 
නිධන් වදුළ මහපොළොවයි ​හෙට උපදින දූ පුතුන්ට

කැළේ අයිති වන සතුන්ට මිනිසුන් එළිමහනෙ ඉන්න
හේන කුඹුර රැක බලාන සෙනෙහස පවුලට බෙදන්න
වැට ඉණි මායිම් වෙන්කර විසල් මැදුරුවල හිඳින්න
ඒත් මොහොතකට හැරිලා ඔබ සතුටින් දැයි බලන්න

විසකුරු වග වලස් ගතිය එපා හිතේ  තියා ගන්න
මමායනෙන් මිනිසත්කම එපා පරදුවට තියන්න 
ධන බල කුලගොත් පෙන්නා අහංකාර නොවී ඉන්න
පොරබැදුවත් සමාන අඩි හය පමණකි උරුම වෙන්න

මහපොළොවේ වැට කොටු බැඳ සීමාවල් හදාගත්ත
සිරිත් විරිත් අතහැරලා පරදෙස් දේ බදාගත්ත
අහස උසට මැදුරු තනා සොබාදහම මරාගත්ත 
නුඹලා රජවරු විහින්ම කොරෝනාව පැළඳ ගත්ත​

අපිම හදා ගෙන හිරකුටි අගුළු දමා අප​ අතින්ම​
මැරෙණතුරා හිරකරුවන් වුණේ අපේ හිතළු වලට
කුල-මල නෑ දෙස-රැස නෑ ඇති නැති පරතරයක් නෑ
නිදහස මිට මොළවාගෙන ආවත් ජීවිතයක් නෑ

මලක සුවඳ දොලක සිහිල හිතට ගලා ආ බැද්දෙන්
පිටමංවී ලුහුබැඳ ගිය  සිදාදියේ යම යුද්දෙන්
සොබාදහම බියවද්දා ගිනි අවි බිඳෙනා සද්දෙන්
හෙවූ සතුට මිරිඟුවකැයි තේරුණාද සහසුද්දෙන්?

දෙවිකම මියැදිලා ගිහින් ආදම් පරපුරේ උන්ට
කවිකම වියැකිලා ගිහින් සොබා දහම විඳපු උන්ට
ඉණිමං බැන්දා අහසට දෙවියන් ගෙන් පලායන්ට
තැනක් හොයාපල්ලා දැන් වසංගතෙන් බේරෙන්නට

මල්ලිකා එම් බණ්ඩාර​
28. 03. 2020