ප්‍රථම ප්‍රේමයේ අසිරිය ලියලා
නුඹ එවනා ලද පෙම්පත් වදුලම
නිදන් කළෙමි කිරි මුහුදේ පතුළෙම ඉරා දමද්දී හදවත ඉරුණා
චිතකය සේ ළෙහි ගිනිදළු වෙළුනා
නෑදෑ කඳවුරු යුදවැද හිඳිනා
සනසන්නට වැව් දියඹට ඇදුනා
සඳ පහනේ අප ඔරු පදිනා සඳ
නෑදෑ කඳවුරු යුදවැද හිඳිනා
සනසන්නට වැව් දියඹට ඇදුනා
සුවහස්
පැතුමන් මසිත වියාලූ
සොඳුරු
ලොවක මල් පියළි එළාලු
"අ"යනු
කියූ පෙම සමුගත යුතුවිය
ගයනු පිණිස හන්තානේ ගීතය
අමුණා කුළුඳුල් පත් ඉරු ගොණුවේ
කළුගල් පතුරක් ගැටලා ලණුවේ
ඔරු කඳ මත හිඳ මල් පෙති ඉහිරුණ
වැව් දිය රැල්ලේ ඒ පෙම සැඟවිණ
සඳ පහනේ අප ඔරු පදිනා සඳ
වළා බැම්ම ළඟ නුඹට පිදු පෙම
කිරිමුහුදේ කිමිදී දියවුණ වග
අදහනු වාවනු කෙලෙසක සකිසඳ?
වළා බැම්ම බිඳිනා දිය රළ සේ
තළා ඉවුරු ඉකි බිඳුනා රහසේ
විළාපයක්වී සදහට සමුදෙන
පවන් රොදක් අතවැනුවා දුර හිඳ
පවන් රොදක් අතවැනුවා දුර හිඳ
මල්ලිකා
එම් බණ්ඩාර
17. 04. 2020
No comments:
Post a Comment