Saturday, 18 April 2020

දියේ ගිල්වූ ප්‍රේමය​






















මුතු
 ඇට​ අකුරින් කැටයම් කරලා  
ප්‍රථම ප්‍රේමයේ අසිරිය ලියලා  
​නුඹ එවනා ලද​ පෙම්පත් වදුලම​ ​
නිදන් කළෙමි කිරි මුහුදේ පතුළෙම​​  

ඉරා දමද්දී හදවත ඉරුණා
චිතකය සේ ළෙහි ගිනිදළු වෙළුනා
නෑදෑ කඳවුරු යුදවැද  ​ හිඳිනා
සනසන්නට වැව් දියඹට ඇදුනා

සුවහස් පැතුමන් මසිත වියාලූ ​
සොඳුරු ලොවක මල් පියළි එළාලු
"අ"යනු කියූ පෙම​ සමුගත යුතුවිය​​
ගයනු පිණිස හන්තානේ ගීතය

අමුණා කුළුඳුල් පත් ඉරු ගොණුවේ
කළුගල් පතුරක් ගැටලා ලණුවේ  
ඔරු කඳ මත හිඳ​ මල් පෙති ඉහිරුණ​
වැව් දිය රැල්ලේ ඒ පෙම සැඟවිණ​

සඳ පහනේ අප ඔරු පදිනා සඳ​ ​
වළා බැම්ම  ළඟ​ නුඹට පිදු පෙම​
කිරිමුහුදේ කිමිදී දියවුණ වග​ ​ ​
​අදහනු වාවනු කෙලෙසක සකිසඳ​?

​වළා බැම්ම බිඳිනා දිය රළ සේ
තළා ඉවුරු ඉකි බිඳුනා රහසේ
විළාපයක්වී සදහට සමුදෙන 
පවන් රොදක් අතවැනුවා දුර හිඳ​​ ​


මල්ලිකා එම් බණ්ඩාර​

 17. 04. 2020


No comments:

Post a Comment