Tuesday, 21 April 2020

පාස්කු විත්තිය



දෙව් මැදුරුදොර සසළ කරනා
සුසුම් වැල් යාවෙමින් අහසට
සුවඳ දුම් මුසු සුළඟ දැවටී
ඉටි පහන් සිළ සැලෙයි හෙමිහිට

ගෙවා ගන්නට නොහැකි වසරක්
ගෙවී ඇත  සියවසක් ගාණට​
අහිමි වූ දේ සොයා දෙන මඟ​
නීතියේ දෙවඟනට හිමි නැත​

ළබැඳියන් සැම​ වියෝවූ සඳ​
දයාවේ පුදසුන අසල හිඳ​
කරන ආයාචනය මොහොතක්
සමාදානෙන් සවන් දුන මැන

අසාධාරණයට එරෙහිවයි
හඬ තළන්නේ නොවෑවුණ හිත​
පසිඳ ලන්නට කිමද පසුබට ​
කරුණු කාරණ බලා  යුක්තිය ?

අදත් ආවෙමි බැහැදකින්නට ​
සුවාමිනි ​ දිව ඇසින් දැක්කද​​ 
හමුනොවන්නට​ අදිසි හස්තය​
බියෙන් සැකයෙන් ආව විත්තිය​ ​


මල්ලිකා එම් බණ්ඩාර​
21. 04. 2020

No comments:

Post a Comment