සිප වැළඳ හිඳි මිනිස් වග සිනා කැරැළි මැද
තනිවෙලා කඳුළු
සුසුමන් අතර ඇදිලි බැඳ
සොබාදම එරෙහි වී බිඳ දමන පිණිස ඔද
හුදකලා කර තිබේ වින කරපු අපව අද
කිට්ටු වෙන්නට හෙමින් ගෙයින් ගෙට ගිහිල්ලා
තට්ටු කරනවත් ඇති දොරකඩට ඇවිල්ලා
හෙට්ටු නොකරම දෙන්ට ඇත කිරුළ ගෙනල්ලා
මට්ටු වෙන්නට එපා නොනගතේ ගිහිල්ලා
ලෝක නීතියට දණ නොනැමු අපෙ වාහෙලා
ජාති ආගම් පන්ති කුල අතර මැදි වෙලා
අබටකුත් නැතිව ආ උඩඟු හිත් ඉදිමිලා
ජාති ආගම් පන්ති කුල අතර මැදි වෙලා
අබටකුත් නැතිව ආ උඩඟු හිත් ඉදිමිලා
එකිනෙකා වෙන්වුණේ මමායන්තරවෙලා
මරණයේ සෙවැනැල්ල කල් බලා පැමිණිලා
සන් කරන හඬින් මුළු ලෝතලය කැළඹිලා
ඇන කොටා ගත් උන්ම බියපත්ව ගුලිවෙලා
අදිසි සතුරෙකු අසල හිඳී අසරණ වෙලා
සසලවුණ කඳු මුදුන් බිම වැටී සමතලා
උස් පහත් තැන් නැතිව ගලා යයි දියවෙලා
ධන නිධන හැම හිඳී පුලන්නට පේවෙලා
සාගින්න තුලාවේ හරි මැදට ළං වෙලා
සතා සීපාවාට උන්ගෙ බිම් හිමිවෙලා
පෙම් කෙළිති ගම් දනව් මායිමට ඇවිදලා
පෙම් කෙළිති ගම් දනව් මායිමට ඇවිදලා
කර දියේ නිම් වළලු නොදැන හිඳ සැඟවිලා
ගෝණ මුව රෑන දිය කෙළිති රැළි පාගලා
මල්ලිකා එම් බණ්ඩාර
14. 04. 2020
No comments:
Post a Comment