නිදි පැදුරේ හිටි පුංචි පැටව් ටික
පුල්ලේ
මඩුවට දොක්කනවා
පුරප්පට්ටුවට මොරදෙන සංගුවෙ
ළතෝනියට අපි
ඉගිලෙනවා
තේ
දළු කහටින් රත් පැහැ අතඟිළි
වැස්සට පින්නට පෙඟෙන
වෙලේ
හිනා බිඳක් නැති දෑස් කෙවෙණි යට
දරු දුක දියවී ගලා
හැලේ
හිරුටත් කලියෙන්
අවදිවෙලා
දවස
ගෙවන තේ පඳුරු වටේ
ඉහින් කණින් කූඩැල්ලොත් ගොඩවී
ලේ
කළඳට වහ වැටුණි අපේ
වේලක් ඇර වේලක්වත් දීලා
දරු පැටවුන්
කුස පුරවන්නයි
අකුරු කරන්නට වරම් නැතුව
අපි
වැටුණ
වලෙන් උන් ගොඩ ගන්නයි
තේ
කූඩයෙ බර උර පතු දැරුවා
ඉසුරුමතුන්
ගේ හැඹිලිය
පුරවා
සොච්චං
පඩිපත මිට මොළවාගෙන
හූල්ලමින් ලැයිමේ
කල් මැරුවා
කතිරේ
දහදිය සුවඳ රැඳීඇති
නෝට්ටු
නැට්ටුවො කරණම් ගැහුවා
පිංකරනා ගරු මහත්වරුනි
සොඳ,
එක
කහවණුවත් අපිට වටිනවා
මල්ලිකා එම් බණ්ඩාර
17. 09. 2020
No comments:
Post a Comment