විජ්ජුලී මගෙ පෙම්බරී - අසව මා පිය සුන්දරී,
ඈත පිදුරංගල ගමේ
තියා නුඹ තනිමංසලේ
දුකෙනි තනියම රාජ සේවෙට
සමු අරන් පියමං කළේ
විජ්ජුලී නුඹෙ තුණු රුසිරු බඳ
නිබඳ සිහිවිණි
දිවා රෑ මැඳ
තෙළිතුඩින් සිතුවම් වුණේ
නුඹෙ රුවයි සීගිරි ලෙනේ
කොතන හෝ වුණ අත් වැරැද්දට
අච්චු දී දිවි ඇති තුරාවට
දැක්කුවේ මම සිපිරි ගේකට
ප්රේමයට සරදම් කරන්නද?
යස ඉසුරු විඳ රජ කුලේ
රැජින වී මහ වාසලේ
නුඹ හිඳින වග ඇසී මා හද
ගිළිහුණා ලෙන පාමුලේ
මල්ලිකා එම් බණ්ඩාර
7. 07. 20220
No comments:
Post a Comment