නිද්‍රාව සුවබරය
රාත්‍රිය මනහරය
අවදි වී අදිසියෙන්
යළි වැළඳගෙන නින්ද
හැබෑවට මං නිදිද?
සිහිනෙන්ම අසන්නෙමි.
ජීවිතය යනු සිහිනයක්
පමණක'යි හැඟුණත්
වැළඳුවෙමු දුක් කඳ ළසෝ ගිනි මැද
හිඳිමි ඒ සිහිනෙකයි හඟිමින්
නොයමි මංපෙත් අසාගෙන
විසල් කොටු පවුරු බිඳ
තිගැස්සෙන හැම නිමෙසකදි
විවර කර විමසුවෙමි හිත
නින්ද එතරම් සුව දැනේනම්
කුමට නම් අවදිව හිඳින්නද?
දශක ගණනකට පසු
ජීවිතය යනු කිමැයි
ඇසූ මුත් නිදිබර සිතට
මගේ විමසුම පසක් වී නැත.
පහය අතහැර නික්ම
යනදා
ජීවිතය සිහිනෙකැයි හැඟුණා
මල්ලිකා එම් බණ්ඩාර
20.11. 2020
No comments:
Post a Comment