Saturday, 26 September 2020

අම්මා

 

ආකාශ උඩුවියනේ 

හිරු සඳු පහන් දල්වා

තරු මුතු අහුරු ඉහිනා - මගෙ ලොව මැවූ 

දෙවඟන​ ඔබයි අම්මා

 

ළෙහි පෙම් අමා කළතා

ඇකයේ හොවා නළවා  

දිවි කතර මැද මංපෙත් තනා

කෙම් බිමක මා හිඳුවා

ජීවිතය දුන් අම්මා

 

සිඳු ගැබ තුරේ - මුදු මද සිහිල ගෙනෙනා

මිහිමඬළ සේ - දුක සැප දරා හිඳිනා

හද ගැහෙන රාවය - ජීව නාලිය​   

මගෙ මිණි කිරුළ අම්මා

 

නඳුන් උයනක සුවය සලසන 

​සඳුන් සෙවනක සිහිළ​ දනවන​ ​  

මිණි පහන් වැට​ සදිසි දිදුළන​

මගේ ජීවන විජිතයේ - රාජිණිය අම්මා

 

මල්ලිකා එම් බණ්ඩාර​

26. 08. 2020 - 5.25

 

No comments:

Post a Comment