සසල කරනා නිසල දියකඳ
විසල් දියඹේ රළ පතර බිඳ
වියරු සුළඟක් වගේ ඇවිදින්
දැවටුණේ කිම මසිත රොද බැඳ
මතක තොටමුණ ඉමේ පැල් බැඳ
ගලා ගෙන යන ගමන වළකන
යළිත් අතහළ අඩවියට වැද
කරුණ කිම යළි සසර අලවන?
දැහැන් ගතවී නිවී යන සිත
හෙමින් කොනහා අවදි කර ගෙන
පහන් තරුවක් වී දිළෙන්නේ
ප්රේමයේ අබිමන බිඳින්නද ?
මල්ලිකා එම් බණ්ඩාර
15. 09. 2020
No comments:
Post a Comment