අතේ පිච්චිය නැතුව
ඇවිල්ලා සෙයිලමට
මැෂින් කටු පෑගුවේ
අපේ නැති බැරිකමට
තොග ගණන් හීන කඳු
නැඟී අහසක් උසට
අටෝරාවක් පැතුම්
තිබුණි අපටත් එමට
දහසින් බැඳි පියළි
එක්ක ගොඩ මඩ යාව
නැතිකමට දිවා රෑ
දුෂ්කර ක්‍රියාවෙන්
පැක්ටරියෙ ජීවිතය
විකුණුනේ සිල්ලරට
ඇමති රජ දරුවන්ට
යස ඉසුරු ගලනවා
වැහි අකුණු වසංගත
අපෙ හිසට එළනවා
කොරෝනා රැල්ල පෑගිලා
ඇඟලුම් හලටකැකිල්ලේ තීන්දුව
ඇවිත් ගේ දොරකඩට
‘රිසවේසමේ’ කොනක
ලහක වපසරිය ඇති
බූදලේ අටෝගත්
අපේ ටකරන් මැදුර
රාජසන්තක වෙන්ට
'ඇස්කිරිසි' ගහනදා
මමත් ‘අර ඇතින්නක්’ කළහාම
මගේ කිරිදරු කැළත
ගෙනැල්ලා දානාවා සහතිකයි
ආරාම දොරකඩට.
මල්ලිකා එම් බණ්ඩාර
21. 10. 2020
No comments:
Post a Comment