ජීවිතය යනු සුසුදු නෙළුමකි
දනන් නෙතු අග සිනා කැන්දන
ලොවක් නළවා පරව යන මුත්
පිපී හිනහෙන නෙතට රසඳුන
සිහිල් පවනේ මතක රන්දන
සුවඳ දෙන මනකල්
සොයන මුවරද බමර බිඟු රොද
නිබඳ ලොබ බැඳ හඹා යන සඳ
මුකුලිතව යන සැඳෑ යාමෙක
සුවඳ මතකය ඉතිරිවනු ඇත
පියාපත් හැඳි සලා ඉගිලෙන මෙරුන් රෑනක් දවා අළුවන නිමක් නැති සිත ඉපිද මිය යන
නිවී දැල්වෙන යළි නිවීයන
නුරාවේ ගිනිදැල්
නොතිත් ආශා දැලෙහි දැවටී
නිතොර සරණා සසර අරණේ
ජීවිතය යනු අරුමයක්මය
මුවන් සේ වර පටින් බැඳෙනා
මල්ලිකා එම් බණ්ඩාර
20. 10. 2020
No comments:
Post a Comment