අළුත් ඇඳුම් ඇඟලාගෙන
දුරු රටකට පියාසළන
ඔලෙය්‍යනේ එන කන්නෙත්
අපේ අහට ඇවිත් යන්න
අහස් ගැබේ උඩුමළුවෙන්
පහල ඉස්සව්වට ඇවිදින්
කුඹුරු යාය පේ කරනා
ගොයි රාළට අඬ ගහනා
වැහි ඇල්ලක් කඩා වැටෙන
පේන කියන තුරුතයිනේ
වැහි කළුවක් අරන් එන්න
මන්දාරම් ළිහිණියනේ
වස්සානය දොරකඩ ළඟ
උදනැක්කේ පියා සලන
ඉර අවරට හැරෙන වෙලේ
බත් කූරන් කරක් ගහන
පුරන් කොටන අස්සද්දන
දින සපිරෙන නැකත කියන
ගොන්කවඩින් කෑමොර දෙන
කරච්චලේ ගමට දෙන්න
රබ්බඩයා වියට බඳින
සුම්ඹරයෙන් පවන් සලන
කල වකවානුව ඇවිදින්
වක්කඩ බැඳ නියර සහින
ඉහල අහස වට කරගෙන
මෝසම් වැහිකළු අරගෙන
වන්දනාව ඉවර වෙලා
යහතින් ගමරට දකින්න
නිමිති අරන් වෙල්යායට
වැහිළිහිණියො වඩම්මන්න
මල්ලිකා එම් බණ්ඩාර
1.11. 2020
No comments:
Post a Comment