පියාපත් හැඳි අතර
උණුහුමට ගුලිවෙලා
හිටි බවට හෝඩුවාවක්
ඉතුරුකර පාළු කැදැල්ලේ
කෙළිකවට සිනා හඬ
ඔලොඟුවේ දමාගෙන
දුරු ඈත ඉසව්වක
පියාඹා ගිහිල්ලා
මතකයේ පෙකණිවැල
පැටලිලා ළයමඬළ
හීනි සැතකින් සහින
නියාවෙන් රිදුම් දෙයි
පියාපත් සැළෙන
වාරයක් පාසා තොපේ
වියපත් ඇතුළු ගැබ
දැදුරු දෙනවා අපේ
දිනක ඉඳහිටක හෝ
ගොඩවැදී යනු ඇතයි
බලාහිටියා හිතේ
දෙගිඩියාවෙන් වගේ
කාලයේ පණිවුඩය
ඇහිඳගත් වෙලාවේ
නොඑනබව දැනගතිමු
ඉරබහින සැඳෑවේ
මල්ලිකා එම් බණ්ඩාර
8. 11. 2020

No comments:
Post a Comment