තනාදී දස මසක් තිස්සේ
නුඹට මා කුස සිරියහන කොට
හොවා ළය මත සිඹ ගතිමි මුව
වැඩියදා නුඹ මගේ දෝතට
මුමුණලා සවණට හෙමින්
තෙමා දෙතොලත අම බිඳෙන්
වර පටක්සේ බැඳුනි මා හිත
ලිහන්නට බැරි සේ තදින්
ගෙවා දහසින් බැඳි පියළි සොඳ
තක්සලාවෙන් දෙවා ණැන මිණ
කියා දී හොඳ නරක යහගුණ
ඉහිළුවෙමි ජීවයක බරපැණ
කිරෙන් පැණියෙන් පිරුණ දේසෙක
නවාතැන් පොළ හදා ගන්නට
රැක බලා ඇස් පියෙහි දවටා
කැප කළෙමි දිනු බිමද දිවිවැට
සවිය දුනි කරදඬු වැඩෙන්නට
ජවය දුනි අත් හැඳි සළන්නට
ඉතින් සක්වල ගලට ඉහළින්
පියාඹාපන් මට පෙනෙන්නට
නුඹට අම්මා වුණද මා පුත
තඹ දොයිත්තක් නැතත් කම් නැත
කතත් නොකතත් නුඹෙන් ඉඳහිට
වහී කිරි පැණි නුඹේ මැදුරට!
මල්ලිකා එම් බණ්ඩාර
17. 10. 2020
No comments:
Post a Comment