හිතක වෙලුණ ගිනි මුවවිට බැඳිදාක
ගඟක කඳුළු වියලන්නට බැරිදාක
වතක සිනාවේ උල්පත සිඳිදාක
කතක කෙසේ උහුලා ගන්නද ඒක?
ලොවට හිරු මඬළ ගණඳුරු දුරලාය
හිසට කැණිමඬළ සුරැකුම් සලසාය
මහරු බලකොටුව රුපුනොද බිඳලාය
පියෙකු දිවි අරණ මැද සිහ රජිඳාය
සඳ තරු නිවී ගිය කළුවර පෝ දාක
මහ ගණ කරුවලේ වල්මත් වුණ දාක
සීතල පාළු කතරක තනිවුණ රෑක
වැළහින්නක වළප ඇහුණද කිසිදාක?
මල්ලිකා එම් බණ්ඩාර
21.03.2021
No comments:
Post a Comment