Sunday, 28 March 2021

ඇමතුමක්

 




වැලි බතින් දැන හැඳින​  එකම ගම් තුලානේ 

කෙළිදෙළෙන් හැදී වැඩුණෙමු සොඳුරු පුරාණේ

කඳුළු හස කැකුළු මල් පිපි යොවුන් විමානේ සොයා ගිය සුයාමය ළඟය අප නැවතුනේ

 

කන්ද පුරහා ඇන්ද ඉඳුනීල පසු බිමේ 

තෙළි තුඩින් සිතුවම්ව​ මතක පලකය ඉමේ 

ඉන්ඳ්‍රඛීලයක් සේ නිසසලව රැඳි ළැමේ

මිතුරුදම ඉතුරුවිය​ උතුරු ළෙන්ගතුකමේ


මිදෙල් මල් වියන් යට ඇළ ඉවුර දෙණිපෙතේ

දොඹ කරඳ තුරු සෙවන ගිම් නිවූ මාවතේ

කාලයේ වැලිතලා යටින් වෑහෙන ගලා 

මතක නිල් දිය දහර​ යළිත් උල්පත් වෙලා! 


සපු දුනුකෙ සුවඳ යායේ දසත ඉහිරිලා   

ළතණ බුමුතුරුණු මත ​රන්හුයෙන් වියවිලා

නුඹ ඇවිත් ළමා වියෙ දොරට යළි සන් කළා

දසක ගණනකට දිව ​යන්න​ අත් පටලලා




මල්ලිකා එම් බණ්ඩාර​


28. 03. 2021


No comments:

Post a Comment