සූවිසි බුදුවරු
බුදුවෙන සූරිය මල පිපෙන උදේ
දළදා
හාමුදුරුවන්ට තේවා මුර පිදෙන
වෙලේ
නගරසබා
හන්දියෙ හිට අත් කරත්තෙ
දක්කාගෙන
රජවීදියෙ
වැඩමුරේට ඉලංදාරියෙක් ඇවිදින්!
උඩවත්තා
කැළේ බිඳෙන හේවිසි හඬ පැතිරෙනවා
කිරිමුහුදේ
ඉවුර දිගේ මල් පියවිළි
ඇතිරෙනවා
ඒ මල් පියවිළි මත්තේ
ආල හැඟුම් ලියලනවා
රාසයියට
බැන්ද සෙනේ සුවඳ හිතේ තැවරෙනවා
හඳුන්
කපුරු සුවඳ කැවී හුළං
කැරැළි ඉහිරෙනවා
මගේ
හිතේ අඳුර මැකී පහන් සිළක්
දැල්වෙනවා
නුඹත්
එක්ක දීග ගිහින් මාරිමුත්තු
කෝවිල ළඟ
පකිස්
පෙට්ටි මාළිගාවෙ අරුමෙකි රැජිණිය වූ වග
නුවර
වීදියක් ගානේ ගෙවුණ ඉදල
අත නෑරම
පසු උරුමෙට
ලියා තියා නගර සබාවේ
පැන්සොම
දරු පුළුටක්
කුසට නොදී මං තනි
පංගලමෙ තියා
හෙවනැල්ලක්
වගේ හිටිය නුඹ පරලොව යන්න
ගියා
නුවර
වැවේ වෑබැම්මේ රළ
වාගේ හැපී බිඳෙන
උජාරුවෙන් පියමං කළ හිනා
ලහක් දෝතින් ගෙන
උදැනැක්කේ මුලිච්චිවී කූරු ඉදල් රටා අඳින
නුඹ නැතිදා
මා පමණෙකි මකුළු හුයෙන්
හීන වියන
මල්ලිකා එම්
බණ්ඩාර
1.04. 2021