Tuesday, 6 April 2021

සුභ ගමන්

පුන් පෝය ගෙවී ගිය නවම් මහ දොර ගාව​ හඳ කිරණ ඉහිරිලා අහස් ගැබ පුරහාම​ දිග හැරුණ දියඹ මත රළපතර බිඳුනාම​ ලොව කෙතෙක් සුන්දරද සිතමි මම හැමදාම​ ​ රාස්සිගෙ අව්වැල්ල තැවරිලා දුටුවාම​​ කරවටක් කිමිද සිතිජය ඉමේ ගිළුනාම​ ​ මිහිමඬළ සිප වැළඳ සුභ ගමන් කීවාම​ සමුදුනිමි හෙට යළිත් දකින්නට අද සේම​ මල්ලිකා එම් බණ්ඩාර​ 05. 04. 2021




No comments:

Post a Comment