සිංහල අවුරුද්ද ඇවිල්ලා…
එරබදු මල්මත ඉහිරෙන
කෝකිල ගී නාද පුරන
සාමයෙ පණිවිඩය බෙදන
නවෝදයේ සුබ මංගල නැකත ගෙනැල්ලා
මල්වාරම් ගීත ඇහෙන
රබන් සුරල් කිකිණි වැයෙන
නව අවුරුදු සිරිය බෙදන
සිංහල අවුරුදු ගම් දොරකඩට ඇවිල්ලා
තුරෙන් තුරේ මලින් පිරෙන
නැවුම් පැතුම් පවන් සැළෙන
දැයට සතුට සුවය සදන
නව අවුරුදු උදානයේ මිහිර ගෙනැල්ලා
සිංහල අවුරුද්ද ඇවිල්ලා…
මල්ලිකා එම් බණ්ඩාර
4. 04. 2021
No comments:
Post a Comment