Monday, 12 April 2021

සකිසඳිනේ

සපු කැකුළක්සේ පිණි මල්වැස්සේ

පූදින්න​ සුවඳ දී​ හිමිදිරියේ

වැහි වළාකුළක් සේ කඳු මුදුනේ

දැවටිළා ඉන්න​ මා සකිසඳිනේ

 

හිරු මල පරවී නටුවෙන් ගිළිහී

බොඳ වෙලා සිතිජ ඉම යයි  සැඟ​වී

නෙත හඬා වැටෙන පැතුමක් තනිවී

හිතකොනේ සැඟවිලා ඇත මැළවී

 

අතුපතර මුවාවී  ඉකිබිඳිනා

ගී තණුව ගොතාපන්න කෙවිලියේ

කිරි කවඩි සිනා දෝතක් පුරවා

හමුවෙන්න හෙටත් මා හිත​ නළවා

 

මල්ලිකා එම් බණ්ඩාර​

9.04. 2021


No comments:

Post a Comment