Tuesday, 6 April 2021

කුණාටුව

මුදු කිරණා සදිසි මනා

වත පුරසඳ පළුවක්දෝ

අත පොවනා මානෙක නැති

දුර දිළෙනා තරුවක්දෝ

 

නීල උපුල චල නයනා

මල්සර දුනු දිය ඇද්දෝ

පෙරුම්පුරා ලුහුබැන්දේ

මට හිමි නැති කිරුළක්දෝ

 

මහමෙර සුළඟේ වෙළු​නා

අඹ දළුවක් සේ සැලුණා

මහ වරුසා ඇද හැලුණා

මිහිකත දෙදරා වැටුණා

 

මල්ලිකා එම් බණ්ඩාර​

 

24.04. 2009

 


 

 

 

 

 

 

 


No comments:

Post a Comment