Wednesday, 7 April 2021

අතරමඟ​

 ගිමන නිවන්නට සෙවනක් පතනා

පවස නිවන​ දිය දෝතක් සොයනා

නිරුදක වැලි කතරේ

ඉම නොපෙනෙන අඳුරේ

තරු පහනක් වී රැකවරණය සැදුවා

 

හබල කැඩී ගිය රුවල බිඳී ගිය

රළු ගල් පර අතරේ ඒ මේ අත වැනෙනා

මා තනිවූ සඳ අබලන් නෞකාවේ

පිළිසරණක් විණි සවියක්වී නිබඳා

 

ඉම බිම නොපෙනෙන මහ සිඳු පතුළේ

ගිනිගෙන දැවෙනා සුන්බුන් අතරේ

ගිළී නොයන්නට තොටුපොළ වූ ඔබ​

වෙරළ කොනේ කිම මා තනියම හැරදා ​

 

රළ පෙළ වැළපෙන හඬට සවන් දෙන

මා සිත දළුලයි බිය සැක අපමණ​

මඟ තොට නොපෙනෙන​ පාළු අඩවියක

අත්වැල බිඳිලා මා නෙත අඳවිණ

 

මල්ලිකා එම් බණ්ඩාර​

5. 05. 1998

 








No comments:

Post a Comment