Thursday, 24 August 2023

මනමේ කුමරිය ගේ හෘද සාක්‍ෂ්‍යය​


 රාජ රාජ මහ මැතිවර පුත් කුමරින්දෝ

දහසින් බැඳි  පියළි පුදා පායුග​ වැන්දෝ

සකල කලා සිප් සත රුපු අබිමන් බින්දෝ

ගුරු සෙවනෙහි මාපිය සෙනෙහස නිති වින්දෝ

 

සිය රජ දහනට සමුගෙන යන මන නන්දා

දුන්නෙය​ පුත් කුමරුට බඹදත් නරනින්දා  

තුටු පඬුරුට මෙහෙසිය කොට මා අත බන්දා  

අතපැන් වත් කොට සරණෙට දූ කුමරින්දා

 

දිවා රැයේ නෙත ගැටුනේ කෝමල සුපහන්

සහේ ගියේ මා සිත් ගත් කුමරෙකු සමඟින්

දුටු සැණ සිත වසඟ වෙලා එඩි පෑ විලසින්

රළු පරළුව සවිබල උහු ගත විණි රසඳුන්

 

රජ මැදුරක නෙක විසිතුරු සිතුවම් කරනා

කුල සිරිතට දෙගුරු බහට අවනත වෙමිනා

දිවිහිම් කොට ළඳකට නොලදින් බහු වරණා

කිරුළක් ළඟ​ වැදි රජෙකුට මගෙ හිත බැඳුණා

 

 

මල්ලිකා එම් බණ්ඩාර​

 5. 01. 2023

No comments:

Post a Comment