චන්ද්‍ර මඬළ සේ දිළියෙන
රිදී පහන් සිළුවක් සේ
කළුවර පස පෝය දාක
දල්වන ලද පහනක් සේ
මළවුන් ගේ රජ දහනක
සිරගතවුණ ආත්මයේ
ලෙන් දොර බිඳ නුඹ ඇවිදින්
මගේ පාළු සුසානයේ
ඉන්ද්‍ර නීල ගුවන් තලේ
විකසිත සුදු නෙළුමක් සේ
මන්දහාසිනියෙ නුඹ වත
රැඳුණි මහද ගිරි සිරසේ
අන්ද මන්ද කර නිසසල
සිතුවිලි කැට පහරක් සේ
විලාසිනියෙ නුඹ වැඩියා
සමන් පිච්ච අහුරක්සේ
නෙතග කැළුම් මගේ සිතට
අමා දහර බඳුනක්සේ
සුවය දිදී වසඟ කළා
ගන්ධමාන ඔසුවක්සේ
මල්ලිකා එම් බණ්ඩාර
6. 04. 2024
No comments:
Post a Comment