Saturday, 6 April 2024

ප්‍රේමයක අසිරිය



චන්ද්‍ර මඬළ සේ දිළියෙන​

රිදී පහන් සිළුවක් සේ

කළුවර පස පෝය දාක

දල්වන ලද පහනක් සේ


 මළවුන් ගේ රජ දහනක​

සිරගතවුණ ආත්මයේ

ලෙන් දොර බිඳ නුඹ ඇවිදින්

මගේ පාළු සුසානයේ

 

ඉන්ද්‍ර නීල ගුවන් තලේ

විකසිත සුදු නෙළුමක් සේ

මන්දහාසිනියෙ නුඹ වත​

රැඳුණි මහද ගිරි සිරසේ

 

අන්ද මන්ද කර නිසසල​

සිතුවිලි කැට පහරක් සේ

විලාසිනියෙ නුඹ වැඩියා

සමන් පිච්ච අහුරක්සේ

 

නෙතග කැළුම් මගේ සිතට    

අමා දහර බඳුනක්සේ

සුවය දිදී​ වසඟ කළා

ගන්ධමාන ඔසුවක්සේ

 

මල්ලිකා එම් බණ්ඩාර​

6. 04. 2024

No comments:

Post a Comment