මහසත් රුවන් වැසි
වැටුණා හිත දෑලේ
දුව පැන ඇවිද මුව
හසරැළි පෑවේලේ
සක්විති සැපත
අත්වින්දා අතු ගෙපැලේ
ඔබ බුදු සසුන වෙත
පිදු පින්බර දවසේ
මම බුදු පියෙක් වූයෙමි
නිවනෙහි පහසේ
මංගල බණට වැඩිදා
ගම ආවාසේ
මගෙ නෙත කඳුළු මදිවිය
හැඬුමට රිසිසේ
මිහිකත සනහ සනහා බිම
බලාගෙන
අමදින මළුව බුදුබණ හිත
දරාගෙන
පොඩි හාමුදුරුවෙනි, දරු
දුක දරාගෙන
දන් දුන්නා නොවෙයි
බුදුබව පතාගෙන
සතුටත් දුකත් ඔබ
වෙනුවෙන් හද මැද්දේ
රඳවා සමුදුනිමි වඩිනට
මහ බැද්දේ
මගෙ බුදු පුතේ ඇහුණා
ගිනි බිඳි සද්දේ
නුඹ බුදුවෙයන් හත්
මුතු පරපුර මැද්දේ
පරවුණ ඇහැළ පොකුරක්
විසිරුණ පරිදී
කහවත් පතිත විණි
මිහිමඬලට වෙරදී
හිමි ඔබෙ හිතේ පියසෙනෙහස කෑමොරදී
හැඬුවා දුටිමි අවසන්
සුසුමට පෙරදී
මල්ලිකා එම්. බණ්ඩාර
07. 06. 1987
No comments:
Post a Comment