ඇතත් නැතත් ඇතයි හිතන,
තව්තිසාවට හෝ අපායට
විවර වෙන දොරටුවකි
සරණ බන්ධනය
දඩයම් යුගයේදී
බියෙන් අසරණ
වන
අනාරක්ෂිත ගැහණියට
සරණ වන
බලකොටුවය සරණ
බන්ධනය
නැදි මයිලන් ඇතුළු
සනුහරේටම පහිඳින්න
නිදහසේ තටු සිඳ
කුලදෙටු නිකායේ
අණසකට යටත්ව
වහල් මෙහෙයට යන
සොඳුරු තොටුපොළකි
සරණ බන්ධනය
“සරණ” යන වචනයම
ඇගේ අසරණ බවේ
අනියම් සහතිකයක්වූ
ආගමෙන් කුල-ගොතින්
නිලතල සිරිත්විරිතින්
ගැහණිය නම් සොඳුරු
සත්ත්වයා
යව්දිවි සිපිරිගෙට
දක්කා
වියට බැඳ තබන වර පට
සරණ බන්ධනය
මල්ලිකා එම් බණ්ඩාර
16.10.2017
No comments:
Post a Comment