ලෑලි පුටු බංකු වල එකට එක පෙළට ඉඳ
දූලි වැකි සිඟිති අත්-පා දැවටි සුවඳ විඳ
බොහෝ කලකට ඉහත සබත්දා අකුරු කළ
තවම වියපත් නොවූ නුඹලාව
සිතුවමක් වගේ හිත ඇඳෙනවා
ඇඟිළිකරු තෙරපාන
වෙල් නියර මඬ ගොඩේ
ගුරු පාර දිගේ ගිය ගමන් මඟ
මේතරම් දිගුවෙතැයි මම මෙන්ම නුඹලාද
නොඇදහූ බව හිතට දැනෙනවා
පුංචි සන්දියේ අපි දෙව්මැදුරු දොර ඉඳන්
උත්ථාන ගීතිකා ගැයූ හැටි
මඳ සුළං පොදක දැවටිලාවිත්
අදත් මා සවන් මත රැඳෙනවා
අල්තාරයෙන් නැඟුණ
සුවඳ දුම් වළල්ලක්
සුවඳ දුම් වළල්ලක්
නුඹලාගෙ අවසාන සුසුම් වැල් හා මුසුව
සත් සමුදුරෙන් මෙහා
කොදෙව්වට පාවෙලා
මගෙ සවන් පත් අසල
කොදෙව්වට පාවෙලා
මගෙ සවන් පත් අසල
කොඳුරනා සෙයක් මට ඇහෙනවා
හදිසියේ නිවී ගිය
ඉටිපහන් පෙළක් සේ
සිනාමල් පීදිච්ච
ළපටි සිත් සතන් තුළ
කණක එළි දල්වලා
සිනාමල් පීදිච්ච
ළපටි සිත් සතන් තුළ
කණක එළි දල්වලා
සමිඳු තුළ සාමයෙන්
සැතපෙනා නිම්නයේ
සැතපෙනා නිම්නයේ
යළිත් මුණගැහෙන්නට
මම පෙරුම් පුරනවා
මම පෙරුම් පුරනවා
මල්ලිකා එම් බණ්ඩාර
29. 04. 2019
No comments:
Post a Comment