(මගෙ පුංචි
මිණිබිරී ගේ උපන් දිනය වෙනුවෙන්)
මහද ගෙඋයන පිපී
හිනැහෙන
සිත නිවාලන
මුදු සුවඳදෙන
සපු මලක් සේ දිළෙනා
රන් සිනාරැල් සළනා
මගෙ පුංචි රණ ගිරවී
නුඹය පෙරුමන් පිරූ
උරුමය
කියාදෙන ජීවිතේ අරුමය
අභිමානයේ කඳු හිස නුඹයි
මගෙ පුංචි මිණිබිරියේ
මොළකැටි සිනා දෙකොපුල්
තලාවේ
ඉඳුනිල් නෙතින් උතුරා
ගලා
හද ගැබ අමා ගඟුලක්
වෙලා
දොවා සනහන්නී
මගෙ පුංචි රණ ගිරවී
අබිසෙස් දෙවා මා සිරස
සරහන
මහඟු මිණි කිරුළයි
නව අරුත් දී සෙනෙහස් විලේ
පිපි රත් නෙළුම්
කැකුළයි
අඳුර බිඳ හද නුඹ ගැබේ
ජීවන
පොතේ කවියක් ලියූ
නුඹ නවමු පත් ඉරුවයි!
මල්ලිකා එම් බණ්ඩාර
15. 10. 2018
No comments:
Post a Comment