මිරිවැඩි සඟල ගෙවෙනා තුරු උදෑසන
මැඩ දළ බොරළු ගුරු පාරේ ඇවිදගෙන
මේ ගම් තුලානෙම සිප් සත සදා ගෙන
වියපත් වුණෙමු සැප දුක දෙක
බෙදාගෙන
රජසැප පිණිස උර දුන් ජනයා නේක
අමුණක් පැතුම් පොදි බැඳ එන මතු දාක
වළඳති දුක නොහැර මුවගුළු කිසි දාක
උතුමෝ යෙහෙන් වැජඹී හිඳිනා සේක
පිය-පුතු මැති ඇමතිවරු මේ අසුන අරා
සිටියෝ දශක තුන හතරක් ගෙවෙන තුරා
අපි පියමං කරපු මේ ගුරු පාර පුරා
නොතිබිණි දිය කඩිති බොරදිය කඳුරු දරා
මල්ලිකා එම් බණ්ඩාර
27. 07. 2019
No comments:
Post a Comment