තවම උත්තාන වී නැති දෙවිඳු පල්ලියේ
එල්ලිලා සිටිනු දුටු කෙණෙහි දළ කුරුසයේ
නෙක නමින් අපි යදින දෙවි ගොල්ල
මුදාගත නොහැකියෙන්
අසමත් ද මකන්නට උපත හා සමඟ එන
මරණයේ සෙවැනැල්ල?
සාමයේ දෙවි නොවැඩි “ක්රයිස්චර්ච්” පල්ලියේ
ඇවිත් හිටියා එකෙක් සාතන්ගෙ කල්ලියේ
උත්තාන දිනයේම මීගමුව පල්ලියේ
කියන් මට දෙව්මව්නි
මගෙ යැදුම් හඩ කිමද නෑසුනේ
බිඳ වැටුණි මගේ ලොව
තැනූ බැතිබර හිතින්
වැරැදුනේ මටද නුඹටද කියනු මැන ඉතින්
ගීතිකාවක් නොවී සුවහසක් වූ සිහින
යාතිකාවක් වෙලා නැතුනේ ඇයි මෙහෙම?
මල්ලිකා එම් බණ්ඩාර
21 .04.
2019
No comments:
Post a Comment