Friday, 19 July 2019

සිපිරිගෙය​



පොසොන් සඳ මෝදු වෙන ඉසව්වේ
අවිදු මඩ වගුර​ වැද කෙළින​ වනචාරීන්ට
ණැනස පාදන පිණිස​
ගොහොරු බිම​ පින්කෙතක් කරනුවස් ​
මිහිතලය දොවාගෙන​
කුළුණුබර මිහිඳු සඳ
උදාවූ සේක​ සිත් නිවාලන​

පුරුෂෝත්තම ඇසින්
ලිංගිකත්වයේ කොටු පවුර තුළ​ බැඳ දමා
ගැහැණු වට කර තැනුව
සංස්කෘතික සිපිරිගෙයි 
වැට කඩොළු බිඳිනු වස්
කාන්තා නිදහසට මුල් ගල තිව්ව 
බෝ සමිඳු වැඩම්මූ
සංගමිත්තාතුමූ ඉතිරියකි
දළදාව වැඩම්මූ  හේමමාලාතුමූ
ඔබද අභීතවු ඉතිරියකි
​
එදා සිට මෙදාතුර කාන්තා හිංසනය​
නීතිගත කරන්නට
කුළුහරක් ගාල වැද​
හිවල් වත රැකගන්ට
ගෙලේ රන්හුය බැන්ද බොහොඬුන්ට
දියවන්නාව බොර කරන මීමුන්ට​
මව් පදවි දුන්නෙත් ගැහැණුන්‍ ය​.

එවන් මව් පදවියට නිගාදී
නැති එකාගේම ඉහමොළ කකා
ඇති එකා යෙහෙන් වැජඹෙන පිණිස​
රජුන් මැති ඇමැතියන් බිහිකරන
මුග්ධ​ දන මන දොවා, අවිදු මළ හරනා
මඟ කියා දුන මැනව​
බුදු සාමිනේ, ජේසුනේ-
අල්ලාහු අක්බර්, එලෝහිම්
ලෝක පාලන දෙවිසුවාමිනේ!

මල්ලිකා එම් බණ්ඩාර​
25. 03. 2019

No comments:

Post a Comment