Thursday, 18 June 2020

අත් හැරීම​



දූ පුතුන් නැති මිනිස්සුන්හට​
මා පියන් නැති දූ පුතුන් හට​
නෑසියන් නැති  නිදනවුන් හට​
හැකිද මට කවියක් ගොතන්නට​?

කාසි නැතිදා වාසි නැතිවී
ලේසි නෑ ජීවිතය රළු වී
කියා ගන්නට නොහැකි දුක් කඳ​
දැනේවිද දුක නොවිඳිවුන් හට​?

උනන කඳුළැල් කොපුල හරහා
ගලා යන ලෝදියට හරවා
ජීවිතේ ගිනි කන්ද පාමුල
හඬන උන් රැක ගනුව​ නළවා

ඇවිද යන මුත් ගිනි යවට මත​
කෙළ බිඳක්වත් බිම හෙලනු නැත​
ජීවිතේ වේදිකාවට නැඟ
රඟනු හැර හිමි කොටස අභිමත​

ලොවක් වෙනුවෙන් යළි හඬන්නට
කඳුළු මා නෙත ඉතුරු වී නැත​
හලා හල විස ඔතා මීපැණි
පුරමු සව්දිය විලස මිදියුස

භවෙන් භවයට ඇදෙන වරපට​
බිඳ දමන්නට සවිය නැති කොට​
ගිලෙන්නට පෙර රළ පතර මැද
අබිලි නෞකාවට බැඳී ලොබ
ගුදම් පුරවා තබන ලොල​ කිම ?
අතැර නොදමා සයුරු පතුළට!
​
මල්ලිකා එම් බණ්ඩාර​

09. 06. 2020

No comments:

Post a Comment